IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


කටානේ පොල්තෙල් මෝලෙන් ඩෙල්ටා ආසාදිතයෙක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කටාන ප්‍රදේශයේ පොල් තෙල් මෝලක සේවකයින් අතරින් කොරෝනා ආසාදිත වූ 18 දෙනෙකු ගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදුකළ වැඩිදුර පරීක්ෂණයකදී එක් අයෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු බව හෙළිවී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ ඒ යූ ටී කුලතිලක මහතා ඊයේ 19 පැවසීය .

ඉකුත් දිනක මෙම පොල් තෙල් මෝලෙහි සේවක පිරිසේ 29 දෙනෙකු සඳහා පී සී ආර් පරීක්ෂණ පවත්වා ඇති අතර ඉන් 18 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත. සේවක පිරිසේ සියයට පනහකටත් වැඩි පිරිසක් මෙසේ කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර රෝහල වෙත යොමුකර තිබේ.

එහිදී සිදුකෙරුණු පරීක්ෂණවලදී එක් අයකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇති බව හෙළි වීමෙන් පසු එම සියලු සාම්පල තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා බොරැල්ලෙ වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යැවීමට කටයුතු කර ඇත.

මෙසේ ආසාදිත වූ 18 දෙනා මේ වන විට මූලික සුවය ලබා නිවෙස් වලට පැමිණ සිටින බව ද ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද යළි පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර එම සාම්පල් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෙළි කළේය. මේ වන විට එක් අයෙකු ඩෙලිටා ප්‍රභේදය ආසාදිත බව අනාවරණය වී ඇතත් ඒ පුද්ගලයා කවුදැයි මෙතෙක් දැනගන්නට ලැබී නැතැයි ද ඔහු පැවසීය.

 



අදහස් (0)

කටානේ පොල්තෙල් මෝලෙන් ඩෙල්ටා ආසාදිතයෙක්

ඔබේ අදහස් එවන්න

දියත

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්
2024 සැප්තැම්බර් මස 13 29 0

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධාන ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පත්ක


’’රනිල් - අනුර දේශපාලන දීගයක’’
2024 සැප්තැම්බර් මස 13 336 1

රටේ මේ තරම් ගැටලු තිබියදී රනිල් සහ අනුර බලය ගන්න ගිවිසුම් ගතව දේශපාලන දීගයක නිරත වී ඇතැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදා


කන්ටේනරයේ යතුරුපැදියක් ගැටී අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 13 328 0

කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී


දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි
2024 සැප්තැම්බර් මස 13 499 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 13 1551 0

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා
2024 සැප්තැම්බර් මස 13 383 0

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 25 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2059 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 946 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site