(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන ආ , කොට්ටාව හොරණ පාරේ මාළු වෙළඳසැලක හිමිකරුට  කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් එම වෙළඳසැල (25) දා මුද්‍රා  තැබීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

ඒ අනුව කොට්ටාව නගරයේ වසා දැමූ දෙවන  මාළු වෙළඳසැල මෙය බවද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එම ස්ථානයට ආ ගිය බව පැවසෙන දිවයින පුරා මාළු වෙළඳාමේ නිරත පුද්ගලයින් පී.සී.ආර්  පරීක්ෂණයට ලක් කළ අතර ,ඊට සමගාමීව ඉකුත් 22 දා ,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකළ පි.සී.ආර් පරීක්ෂණයේ වාර්තාවට අනුව මෙම පුද්ගලයාට රෝගය ආසාදනය වී ඇති බවට 25 දා වාර්තා වී තිබුණි .
 
ඒ අනුව එම මාළු වෙළඳසැලට මුද්‍රා තබා නිවාස පහක ආශ්‍රිත ආශ්‍රිතයින් 11දෙනකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට පියවර ගත් බව ද පැවසේ.

ඔවුන් එළඹෙන 27දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.