
(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
කෑගල්ල මහ රෝහල සදහා රුපියල් මිලියන 284ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් ප්‍රදානය කිරීම සහ අංග සමිපුර්ණ රසායනාගාරයක් විවෘත කිරීම අද(08) සිදුකෙරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, රාජ්‍ය ඇමති කනක හේරත් මහතාගේ ඉල්ලීම මත මෙම පී.සී.ආර් යන්ත්‍රය සහ රසායනාගාරය ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
කෑගල්ල මහ රෝහලට අඩුපාඩුවක්ව පැවති පී. සී. ආර් යත්‍රයක් හා රසායනාගාරයක් නොමැතිකමෙන් මේ දක්වාම දිස්ත්‍රික්කයේ පී. සී. ආර්. සාම්පල පිට පළාත්වල රෝහල්වලට යැවීමට සිදුවිය. එම පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීම නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලය විවිධ අපහසුතාවට මුහුණ පා සිටියහ.




COMMENTS