IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොග්ගල ඇඟලුම් කම්හලක 829 ක් නිරෝධායනයට

(ජේ.කේ.එල් චාමින්ද)
 
කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ  ඇගලුම් කම්හල් දෙකක  කොරෝනා වයිරසය ආසාදනය වු සේවක සේවිකාවන් 39 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස 829 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

මේ වනවිට එම සේවක සේවිකාවන් නිරෝධායනය කිරිමට කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි. මෙකී තත්වයත් සමඟ ඇගලුම් කම්හල්වලින්   රේජ්ජිපුර,   මිදිගම කහද   කුඹුරුපිටිය හා යක්කලමුල්ල යන ප්‍රදේශවලට  බස් රථ මගින් ඇගලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරිම නතරකර එම බස්රථවල ගමන්ගත සේවක සේවිකාවන් දැඩි ලෙස නිරෝධායනය කිරිමට  උපදෙස් ලබාදි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා කීය.

මින් එක් ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 3200 සේවය කරණ අතර  ඉන් 7 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද ඒ මහතා පවසයි.

මේ අතර  අනික්  ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 1200ක් සේවය කරන අතරදි දින 07ක කාලයක් තුළ එම ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 32 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මෙම කම්හලේ  දැනට  පවතින තත්වය විශාල ගැටළුවක් බවත් ඒ පිළිබද ක්‍රියාත්මක විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දන්වා යැවීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර අද (15) දින හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය හා නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල්වල මානව සම්පත් කළමණාකරුවන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

කොරෝනා ආසාදිතයින් 32ක් වාර්තා වි ඇති ඇගලුම් කම්හල දින 14ක කාලයක් වසාදමන ලෙස තමන් ඉල්ලමික් කළ බව හබරාදුව සෞඛ්‍ය නිලධාරිවරයා සදහන් කළේය. එහෙත් ඒ සම්බන්ධව තීරණයක් නොගත් බවද හෙතෙම පවසයි.



අදහස් (0)

කොග්ගල ඇඟලුම් කම්හලක 829 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site