IMG-LOGO

2024 අප්‍රේල් මස 15 වන සඳුදා


කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට

(කුෂාන් ජයවර්ධන)
 
කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාධිත පොකුරට අයත් යුද හමුදා නිලධාරියකු ඇතුලු එම පවුලේ පිරිස ඇසුරු කළ බව කියන නිවාස 7ක පදිංචි පිරිස ඊයේ රාත්‍රියේ සිට මෙලෙස ස්වයංනිරෝධායනයට යොමු කර තිබේ.
 
පීසීආර්  පිරීක්ෂණයන්ට අනුව අදාළ හමුදා නිලධාරියාට කෝවිඩ්-19 ආසාධිත බවට තහවුරුවීමත් සමග එම ආශ්‍රිත පිරිස මෙලෙස  ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
එම ආසාධිත යුද හමුදා නිලධාරියාගේ බිරිය ඇතුලු පවුලේ සාමාජිකයින් 5දෙනෙකුද ස්වයං නිරෝධායනය සදහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබු අතර එම පිරිස අද 14 අලුයම දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට යුධහමුදාව කටයුතු කර ඇති බව ද ඔවුන්ද පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිත බව ද කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.  



අදහස් (2)

කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 July 2020 06:53 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙවැනි රැල්ල ඇතිවීම වැලැක්වීම සඳහා ප්‍රඥාගෝචර වැඩපිළිවෙළක් ගැන නිතර නිතර දනුම්දුන්නත්, සෞඛ්‍ය ඇමැතිනිය ඒ ගැන තකීමක් කොට නැති බව එම සංගමය විසින් නිකුත්කොට ඇති අන්තර්ජාල වීඩියෝවේ සඳහන් වෙනවා. කරුණාකර ඒ පිළිබඳව ජනපතිතුමාගේ අවධානය යොමුකරවීම වැදගත්...

:       22       34

thusharaTuesday, 14 July 2020 09:09 AM

ජනතාවගේ සෞඛ්‍යට වඩා ඡන්දය වැදගත් වුන රටක ඔහොම සිදුවීම සාමාන්‍යයයි. මේ ඡන්දයක් වෙනුවෙන් කෝටී ගණන් මුදල් නාස්ති කලයුතු වෙලාවක් නෙවෙයි. අපේ අවාසනාවට හැම පාලකයම එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කීපයකට වැස්සේ සුළු වැඩි වීමක්
2024 අප්‍රේල් මස 15 51 0

දිවයිනේ නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වල වැසි තත්වය තාවකාලිකව වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගමේ ගිය අයට කොළඹ ඒන්න විශේෂ දුම්රිය
2024 අප්‍රේල් මස 15 57 0

අළුත් අවුරුද්දට ගමේ ගිය ජනතාවට යලි කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද (15) ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 3700 0

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ලෝක නායකයෝ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති
2024 අප්‍රේල් මස 14 1929 0

ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය


හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක්
2024 අප්‍රේල් මස 14 727 0

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.


නිධන් හාරන්න ගිය 6ක් මාට්ටු
2024 අප්‍රේල් මස 14 591 0

දමන තොට්ටම පුරාණ අරියාකර රජ මහා විහාර භූමියේ ගල් තලාවක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු සහ පුරාවස්තු සෙවීමට උපයෝගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 126 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1380 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1322 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site