ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහලයෑමත් සමග වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර දේශ සීමාව වසා දැමීමට තීරණය කර තිබේ.
මෙම නියෝග බදාදා (08) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙය පූර්වාරක්ෂක පියවරයන්ගෙන් එකක් බවත් එමගින් වයිරසය පුළුල් ලෙස පැතිරීම පාලනය වනු ඇති බවත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ස්කොට් මොරිසන් පවසයි.කෙසේවුවද දේශ සීමාව නැවත විවෘත වන්නේ කවදාද යන්න ඔහු සඳහන් කලේ නැත.
වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයෙන් පසුගිය සති දෙක තුළ සියගනනක් රෝගීන් වාර්තා වී ඇති අතර එය ඕස්ට්‍රේලියාවේ නව ආසාදන වලින් 95%කට වඩා වැඩි බව සඳහන් වේ.
සඳුදා (06) දිනයේ පමණක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව රෝගීන් 127 දෙනකු වාර්තා වී තිබිණ.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන කටයුතු සඳහා යොදාගත් හෝටල් වල ආරකෂක භටයන් සහ අමුත්තන් නීති කඩකිරීම හා නොසැලකිලිමත් බව හේතුවෙන් ආසාදන ඉහල ගිය බව බලධාරීහු පවසති.
ආසාදිතයන්ගෙන් 80%කට වැඩි පිරිසක් ප්‍රජාව අතරින් වාර්තා වී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමා වහයි
Jay Monday, 06 July 2020 11:32 AM
මේ නිව්ස් එකේ ස්කොට් මොරිසන් වික්ටොරියා ප්‍රාන්ත අගමැති ලෙස දක්වා තිබෙනවා. ඔහු ප්‍රාන්ත අගමැති නෙමෙයි. මුලු ඔස්ට්‍රේලියාවේම අගමැති. වික්ටොරියා ප්‍රාන්තයේ අගමැති ඩැනියෙල් ඇන්ඩෘස්...
Dayan aHamine Tuesday, 07 July 2020 03:36 AM
වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඇන්ඩෘෘ ඩැනියෙල්.. ස්කොට් මොරිසන් කියන්නේ ඕස්ට්‍රෙලියා අගමැති. අපි ඉන්න පළාතෙත්... රොරෝනා වැඩිවෙලා... ඉස්කෝලත් වැහුවා. මොනවා කරන්නද ඉතිං?