IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


එක්සත් රාජධානියේ මිලියන ගණනකට දැඩි සීමා

ඉතා වේගයෙන් පැතිරෙනවා යැයි සැක කෙරෙන ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ මිලියන ගණනක ජනතාවට සිට දැඩි සීමාවලට මුහුණ දීමට සිදුව ඇත.

මේ තත්ත්වය හේතුවෙන් දැනටත් වඩා දැඩි සීමා පනවන්නැයි ස්කොට්ලන්තය සහ උතරු අයර්ලන්තය ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.


උතුරු අයර්ලන්තයට මේ වනවිට සති හයකට අගුළු දමා ඇති අතර වේල්සය නත්තලට ලිහිල් කළ දැඩි සීමා, නැවත පනවා ඇත.
එංගලන්තය ද මේ වනවිට සිවුවැනි මට්ටමේ දැඩි සීමා පනවා ඇති අතර එම සීමාවලින් පීඩාවට පත්වූ පිරිස මිලියන හයකින් වැඩි විය. 
ඒ අනුව මේ වනවිට දැඩි සීමාවලට යටත් ව සිටින එංගලන්ත වැසියන්ගේ ගණන මිලියන 24 ඉක්මවයි. එය එංගලන්තයේ සමස්ත ජනගහනයෙන් සියයට 43කි. එම දැඩි සීමාවලට ලන්ඩන් අගනුවරත් ඒ අවට ප්‍රදේශත් අයත් වේ.


නත්තල වෙනුවෙන් වෙනත් නිවසක අය සමඟ සම්බන්ධ වීමට මුලින් අවසර ලබා දී තිබුණ ද නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදය නිසා එම අවසරය ද ඉවත් කෙරුණු අතර නිවසින් බැහැර විය හැක්කේ අත්‍යවශ්‍ය කරුණකට පමණක් යැයි ද එංගලන්ත බලධාරීහු කීහ.
 කායවර්ධන මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන බඩු භාණ්ඩ අලෙවි කරන කඩ සාප්පු සියල්ල වසා දමන්නැයි ද නියෝග කෙරුණි. අවන්හල් සහ බීමහල් විවෘත තැබිය හැකි නමුත් ඒවායේ නැවත ආහාර ගත නොහැක.
මෙම නව සීමා හේතුවෙන් තම සාමාජිකයන්ට දරුණු ආර්ථික පාඩුවක් සිදුවනු ඇතැයි ව්‍යාපාරික කණ්ඩායම් දැනටමත් පෙන්වා දී තිබේ.
බ්‍රිතාන්‍යයෙන් නත්තල් දිනයේදී තවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 570ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 70,915ක් දක්වා ඉහළ ගියේය. 
යුරෝපයෙන් දෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ද බ්‍රිතාන්‍යයෙනි. ඉතාලිය එහි මුල් තැන පසුවෙයි. බ්‍රිතාන්‍යයෙන් නත්තල් දිනයේදී, එනම් දෙසැම්බර් 25 වැනිදා වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 32,700ක් විය.
නව වයිරස ප්‍රභේදය වාර්තා වීමත් සමඟ බියට පත්වූ අසල්වැසි රටවල් ඇතුළුයුරෝපය ඇතුළු ලොව රටවල් රැසක් එක්සත් රාජධානිය සමඟ ගුවන් ගමන් අත්හිටවූ අතර යුරෝපයේ රටවල් එක්සත් රාජධානිය සමඟ තිබෙන දේශ සීමා වසා දැමීමට පියවර ගත්තේ ය. ප්‍රංශ කෙටි කාලසීමාවකට දේශසීමා වසා දැමීම හේතුවෙන් ගිනිකොන දිග එංගලන්තයේ ට්‍රක් රථ සිය ගණනක් හිර වී දැඩි මාර්ග තදබදයක් නිර්මාණය විය. 
 
මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 1,000කට ආසන්න පිරිසකට නත්තල් දිනයේදී එම තදබදය ඉවත් කිරීමට සිදුවිය. එමෙන්ම ඒ මාර්ගවලින් ප්‍රංශයට ඇතුළු වන සියලු ට්‍රක් රථ රියදුරන් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු විය යුතු යැයි ද ප්‍රංශය නියම කළේය.
රියදුරන් 15,000කට වැඩි ප්‍රමාණයක් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත් ඉන් වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 36 දෙනකු බවත් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය ග්‍රාන්ට් ෂාප්ස් සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
 ‘‘ප්‍රංශය දේශසීමා වසා දැමීමෙන් බාධා රැසක් නිර්මාණය වුණා. ඒ සියල්ල අඩු කරගන්න වෙහෙස මහන්සි වූ සියලු දෙනාට විශාල ස්තූතියක් හිමි වෙන්න ඕනෑ’’ යැයි ෂාප්ස් සිය ට්විටර් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළේය.
එක්සත් රාජධානියෙන් වාර්තා වූ ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය ආසාදනය වූවන් පිළිබඳව මේ වනවිට ප්‍රංශයෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වී තිබේ. එංගලන්තයේ ජීවත් වන ප්‍රංශ ජාතිකයකු දෙසැම්බර් 19 වැනිදා ප්‍රංශයට පැමිණ තිබෙන අතර ඔහුට වයිරසය ආසාදනය වී ඇතැයි සිකුරාදා (25) වාර්තා විය. ඔහු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බවත් ඔහු මේ වනවිට ඔහුගේ නිවසේ නිරෝධායනයට යොමු වී ඇති බවත් සෞඛ්‍ය බලධාරීහු කීහ.
සිවුදෙනකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි මැඩ්රිඩ් නුවර සිටින බව කී සෞඛ්‍ය බලධාරීන් ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ද කීහ.
 
මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින ඉකුත් දා (25) සිය නත්තල් පණිවුඩය නිකුත් කළේය. ඇය වාර්ෂිකව නත්තල් දින පණිවුඩයක් නිකුත් කරන අතර ඇය මෙවර පිලිප් කුමරු සමඟ වින්ඩ්සර් මාලිගයට වී නත්තල ගත කළාය. වසංගතය හමුවේ අභියෝගවලට මුහුණ දෙමින් දිරියෙන් නැගී සිටි සියලු දෙනාට තුති පුද කළ මහ රැජින බලාපොරොත්තු තබාගන්නැයි ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා ය. මහ රැජිනගේ පණිවුඩය හෘදයාංගම එකක් යැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.
මහ රැජින සහ පිලිප් කුමරු සාමාන්‍යයෙන් නත්තල් දිනයේදී සිය හිත මිතුරන් හා ඥාතීන් මුණ ගැසෙන නමුත් සියලු දෙනාට ආදර්ශයක් දෙමින් වින්ඩ්සර් මාලිගයට වී තනිව නත්තල ගත කළ බව ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින මේ වනවිට 94 වැනි වියේ පසුවන අතර පිලිප් කුමරු 99 වැනි වියේ පසුවෙයි.
 
 


ඒ.එෆ්.පී./රොයිටර්
 
055
 



අදහස් (0)

එක්සත් රාජධානියේ මිලියන ගණනකට දැඩි සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site