
අසල්වැසි ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (19) තුන්ලක්ෂය ඉක්මවා ගියේය.
එම ප්‍රාන්තයෙන් අද දිනයේදී ආසාදිතයන් 8,348දෙනකු වාර්තා වූ අතර ඒත් සමඟ එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,00,937 දක්වා ඉහළ ගියේය.
ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 38,902 දෙනකු හඳුනාගෙන තිබිණි. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 10,77,618ක් දක්වා ඉහළ ගියේය. ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
ඉන්දියාවේ විවිධ රෝහල්වල මේ වනවිට ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 3,73,379ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වු ගණන 6,77,423කි. එරටින් අද දිනයේදී වයිරස ආසාදිත මරණ 543 ක් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ ගණන 26,816ක් දක්වා ඉහළ ගියේය.
ඉන්දියාවේ දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ තමිල්නාඩුවයි. එම ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,65,714කි. දිල්ලියෙන් ආසාදිතයන් 1,21,582 දෙනකු වාර්තා වන අතර කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 59,652කි.
ඉන්දියාවේ අසල්වැසියන් වන පාකිස්තානයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,61,917ක් වන අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,02,066ක් ලෙස දැක්වේ.
එන්.ඩී.ටීවී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd