
ඉන්දුනීසියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන, චීනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) ඉක්මවා ගියේය.
අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාවෙන් අද දිනයේදී වයිරස ආසාදිතයන් 1,752 දෙනකු හඳුනාගෙන තිබිණි.
ඒ අනුව එරටින් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 83,644ක් දක්වා ඉහළ ගියේය. චීනයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 83,644කි.
ඉන්දුනීසියාවෙන් අවසන් පැය 24 දී වයිරස ආසාදිත මරණ 59ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 4,016ක් දක්වා ඉහළ නැංගේය.
මේ මස ආරම්භයේ සිට ඉන්දුනීසියාවෙන් දිනපතා වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 1,200 වැඩි විය. ලොව සිවුවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන්නේ ද ඉන්දුනීසියාවේ ය.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආර්ථිකය පසුගිය ජූනි මාසයේ සිට ක්‍රමයෙන් විවෘත කිරීමට ඉන්දුනීසියාව ජූනි මාසයේ සිට පියවර ගත්තේය.
කෙසේ නමුත් ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ ඇතැම් සැලැසුම් හකුළාගැනීමට එරට බලධාරීන්ට සිදුවිය.
මේ වනවිට ඉන්දුනීසියාවේ ඇතැම් නගර හා ප්‍රදේශවලට නැවත වරක් සමාජ සහ සංචාරක සීමා පනවා ඇති අතර මේ හේතුවෙන් ජකර්තා නුවර පමණක් මිලියන 10කට ආසන්න පිරිසක් ඉදිරි සති දෙක සඳහා සිය නිවෙස්වලට සීමා වී ඇත.
රොයිටර්/අල්ජසීරා
055
2025 දෙසැම්බර් මස 18
646
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දුනීසියාව චීනය පසු කරයි