IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


අහඹු නියැදියකින් පී.සී.ආර් පරීක්‍ෂණ කිරීම වහාම අරඹන්න

(ඩයනා උදයංගනී)

කොරෝනා හෙවත් කොවිඩ් 19 දෙවැනි රැල්ල පාලනය කිරීමට නම් රෝග වාහකයන් නිවැරදිව හඳුනාගැනීම සඳහා රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පී.සී.ආර් පරීක්‍ෂණවලට ලක්කිරීම වහාම ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්ත්වය පාලනයේදී දේශපාලන නායකත්වය හා කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව සහ ක්‍රියාකාරීත්වය මෙන්ම ජනතා කැපවීම යන කරුණු ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවද එම සංගමය කොවිඞ් දෙවන රැල්ලක අවදානම සම්බන්ධයෙන් වන තත්ත්ව වාර්තාවක් නිකුත් කරමින් කියා සිටී.

මෙම වාර්තාව ප්‍රධාන කරුණු 18 කින් සමන්විත වේ.

එම සම්පූර්ණ වාර්තාව මෙස්ය.

 



අදහස් (11)

අහඹු නියැදියකින් පී.සී.ආර් පරීක්‍ෂණ කිරීම වහාම අරඹන්න

Ratne Tuesday, 14 July 2020 05:53 PM

කිසියම් අයෙකුට කොවිඩ් වැලඳී ඇත්දැයි සැකයක් ඇති වූවද, මුදල් ගෙවීමකින් හෝ පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදුකර ගැනීමේ අවස්ථාවක් සලසා නොමැති වීම නිසා අවම වශයෙන් දින 5-6 ක් බලා සිටීමට සිදු වේ. එම ප්‍රමාදය හේතුවෙන් ඔහු ඇසුරු කළ පිරිස් හරහා තවත් විශාල පිරීසක් වෛරසයට ගොදුරු වීමට අවස්ථාව සැලසී තිබේ. කෙටි කාලයකින් පීසීආර් සඳහා යොමු වීමට අවස්ථාවක් ලබා නොදීම ඉතාමත් කණගාටුවට කරුණකි.

:       59       15

anilWednesday, 15 July 2020 08:02 AM

ලංකාවේ පුද්ගලික රෝහල් කිහිපයක් එම සේවය කරනවා.

:       0       2

Bandara Tuesday, 14 July 2020 11:48 PM

රනිල් මේක කියද්දි මිනිස්සු හිනා වුණා.

:       207       221

Wca Wednesday, 15 July 2020 02:19 AM

මෙගෝල්ලො ගැන කියලා වැඩක් නෑ.

:       10       15

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 July 2020 02:34 AM

තුන්වන ලෝකයේ ඇතැම් රට වල දේශපාලනඥයින් ගන්නේ පුදුම තීන්දු තීරණ තමයි. සුදුසු දේට ඒ ගැන දැන උගත් අය පත් කරනවා වෙනුවට ඒ සම්බන්ධව දැනීමක් නොමැති වෙනත් අංශයක දැනීමක් ඇති අය පත් කරනවා. උදාහරණයකට වෛද්‍ය විද්‍යාව නොදත් කෙනෙක් ඒ හා සම්බන්ධ තනතුරක ප්‍රධානත්වයට පත් කරනවා. වෛද්‍යවරුන් කියන දේ ඒ අයට තේරෙන්නේ නෑ. මේ නිසා සිදු වෙන හානිය සුළු පටු නොවෙයි. මේක වටහා ගන්නට බැරි දේශපාලඥයන් නිසා ඒ රටවල් වලට මොන තරම් හානියක් සිදුවෙනවා ඇත්ද ..... ? මේවා කාට කියන්නද ...?

:       6       85

සමන්ත කුමාරසිංහ Wednesday, 15 July 2020 03:11 AM

ඔය කියන සංගමේ සාමාජික මහත්හොරු අර කන්දකාඩු වල රාජකාරිය හරියට කරල මුල් අවස්ථාවේදීම රෝගය අඳුනගෙන වැඩ කරා නම් මේ ගැටලු නෑ නේ. එහෙම වූනානම් මුලු පුනරුත්ථාපන මධ්‍යස්ථානෙම ලෙඩ වෙන්නෙ නෑ. රටට නැවත බෝවෙන්නෙත් නෑ.

:       38       55

Lakmal Wednesday, 15 July 2020 06:02 AM

ඔයා දන්නේ නැති දේවල් කතානොකර හිටියා නම් හොඳයි නේද?

:       51       41

Dilantha Wednesday, 15 July 2020 05:56 AM

මේ ඔක්කොටම කළින්ම රනිල් වික්‍රමසිංහ ඇසිය යුතුයි පී.සී.ආර්. පරීක්ෂණය සිදු කරන්න කියලා... අපි ඔහුට ඇහුම්කන් දුන්නොත්, දෙවැනි රැල්ලක් එන එකක් නැහැ.

:       114       25

Rata Perata Wednesday, 15 July 2020 06:28 AM

මේ සංගමය ඉස්සර නම් කිය කියා හිටියේ නැහැ. දිගටම වර්ජනය කළා. ඇයි දන්නේ නැහැ දැන් එහෙම නැත්තේ?

:       105       71

senaWednesday, 15 July 2020 07:41 AM

දැන් කරන්න ගියොත් බඩුම තමයි.

:       53       22

mangala Wednesday, 15 July 2020 10:14 AM

මේ සංගමේ දැන්නම් කන්දොස්කිරියාවක්... වදයක්... මේ අය අර කාර්ය සාධක බලකායෙත් ඉන්නවා. එතන කියන්න ඕන දේවල් පත්තරචලට කියලා මිනිස්සුන්ගේ ඔලුව කුරුවල් කරනවා. වෙනිවැල්ගැට කොත්තමල්ලි බොන්න පුලුවන් තරම් කියලා කිව්වා නම් මිනිස්සුන්ට ප්‍රයෝජනයි.. මෙලෝරහක් නැති හෑලි දොඩවනවට වඩා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site