(සුමතිපාල දීයගහගේ)
අහංගම ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක ගුරුවරියකට කොරෝනා ආසාදනයවීම නිසා එම විදුහල තාවකාලිකව වසා තැබීමට අහංගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. පී. ගයාන් අසංක මහතා පියවර ගෙන තිබේ.
එමෙන්ම මෙම ආසාදිත ගුරුවරියගේ සමීපතයින් ලෙස එම විදුහලේ ගුරුවරුන් 10දෙනෙකු සහ 3 වන ශ්‍රේණියේ සිසුන් 22කු ද නිරෝධායනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පියවර ගෙන ඇත.
නිරෝධායනයට යොමු කරඇති ගුරුවරුන්ට සහ සිසුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඊළග පියවර ගැනීමට ගයාන් අසංක මහතා තීරණය කර ඇත.
මේ අතර ආසාදිත ගුරුවරිය ප්‍රදේශයේ දහම් පාසලක ගුරුවරියක් ලෙස ද කටයුතු කර ඇති නිසා එම දහම් පාසලේ සිසුන් පිළිබද සොයාබැලීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා ආරම්භ කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.