(සනත් ගමගේ)

 
අම්බලන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලිපි බෙදන්නෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති හෙයින් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට  සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
 
ඒ අනුව, තැපැල් කාර්යාලයේ සේවයේ නියුතු තැපැල් සේවකයින් 34 දෙනෙකු  නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබේ.
 
අම්බලන්තොට නගරයේ වෙළඳසැල්, රාජ්‍ය බැංකු හා තැපැල් කාර්යාලයේ කළ අහඹු පි.සී.ආර් පරීක්ෂණවලට අනුව, මෙම ආසාදිතයා හඳුනාගැණිනි.