(විනීතා එම් ගමගේ )


පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බලකායේ කටයුතු සඳහා කැඳවීමට රජය තීරණය කර ඇත.


ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර එහි දී කොවිඩ් 19 මර්දන කටයුතුවල දී විශිෂ්ඨ කාර්ය භාාරයක් ඉටු කළේය.


යළිත් එම කටයුත්තට සහය වීම සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතරතුර ඔහු කැඳවීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.