IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනුරාධපුරයේ පාසල් දරුවන් 1000 කට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අනුරාධපුරය කොරෝනා රතු කලාපයක් බවට පත්ව ඇති බවත් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවත් සමගි ජන බලවේගයේ  අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවැසීය.

ගුරුවරුන් සියයකට වැඩි පිරිසක් රෝගීන් බවට පත්ව ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

එසේම අනුරාධපුරයේ නගර සහ ගම්මාන ආශ්‍රිතව වෙනදාට වැඩියෙන් කොරෝනා  රෝගීන් වාර්තාවෙමින් තිබෙන බව පැවසූ බණ්ඩාර මහතා  අනුරාධපුර නගරය  ආශ්‍රිතව  සිවු  දෙනකු කොරෝනා  වැළඳීමෙන්  ඊයේ දිනයේදී පමණක් මිය ගොස් ඇති බවද  ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ  වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට  ප්‍රශ්නයක් යොමු කරමිනි.

අනුරාධපුරයේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අඩු කර  ඇති හෙයින් එම පරීක්ෂණ වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එන්නතට පමණක් සීමාවී වැඩ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ කාරණය  අදාල බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවයි.



අදහස් (1)

අනුරාධපුරයේ පාසල් දරුවන් 1000 කට කොරෝනා

Dasa P Thursday, 02 December 2021 06:00 PM

අර අක්කාට කියලා තව පූජාවක් තියාගත්තාම හරියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site