කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු අද (8 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර පිරිමි 6 සහ කාන්තාවෝ ‍තිදෙනෙක් වෙති.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 364 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.05 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 878 කි.