(අජිත්ලාල් ශාන්තඋදය)
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස් බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ‍්‍රාමිකයන් කිහිප දෙනෙක් සමග සජීවී සංවාදයක් පවත්වමින් රාජ්‍ය ආරක්‍ෂාවට හානිකර ප‍්‍රකාශ කරමින් ත‍්‍රිවිධ හමුදාව විවේචනය කරමින් හමුදා සේවය පොදු මහජනයාට සහ හමුදා සේවයට එන්නට බලාපොරොත්තුවන අයට එපා කරවමින් කළ ප‍්‍රකාශය සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වා නීතිමය පියවර ගන්නැයි අද (27) ජී.පී. නිස්සංක යන අය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිල්ලක් කළේය.
සිවිල් පුරවැසියෙක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමිව ඇති අයිතිය අනුව තමන් මෙම පැමිණිල්ල කළ බව නිස්සංක මහතා පැවසුවේය. ඔහු දැනට බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටී.
‘‘රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ ෆේස් බුක් ගිණුමේ පසුගිය 13දා උදේ සජීවී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. විශ‍්‍රාමික ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුත් ඊට එක්ව සිටියා. එහිදී ඔහු ත‍්‍රිවිධ හමුදාවේ ක‍්‍රියාකාරකම් විවේචනයට ලක්කළා. හමුදාවේ ඉහළ සාමාජිකයන් පහළ නිලධාරින්ට කරන බලපෑම් සහ ක‍්‍රියාවන් ගැන සඳහන් කළා. එවැනි දේවල් කීමෙන් ත‍්‍රිවිධ හමුදාව ගැන පුරවැසියන්ට අප‍්‍රසාදයක් ඇති කිරිමට රාජ්‍ය ඇමතිවරයා උත්සාහ කළා. හමුදාවට එන්න ඉන්න කෙනෙක් මේ කියන දේවල් ඇහුවම පසුගාමී වෙන්න පුලූවන්. ඒක රටේ අනාගත පැවැත්මට විශාල පහරක් වෙන්න පුලූවන්.’’
‘‘ඒ වගේම ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ඒ වැඩසටහනේ දි විවේචනය කරලා ආරක්‍ෂක ලේකම්වරයාට තර්ජනයත් කළා. ත‍්‍රිවිධ හමුදාවේ විනය පිරිහිලා කියලා හමුදාව රාජපාක්‍ෂිකභාවයෙන් මුදවා ගැනීමට බලපෑම් කළා. රටක හමුදාවට සිවිල් පුරවැසියන් වගේ ක‍්‍රියා කරන්න බෑ. ඒ අය රජයට පක්‍ෂව ක‍්‍රියා කළ යුතුයි. විනාඩි 43ක් විකාශනය වුණ මේ වැඩසටහන තුලින් ඔහු ත‍්‍රිවිධ හමුදාවේ මොරාල් එක නැතිවන ආකාරයට කතා කළා. ගුවන් හමුදාව දැඩි ලෙස විචේනය කළා.
පුරවැසියෙක් විදියට මේක රටට කළ මහා අපරාධයක් විදියට මම දකිනවා. ඒවිතරක් නෙවෙයි රටේ ආරක්‍ෂාවට විශාල තර්ජනයක්. ආරක්‍ෂක හමුදාවට මහජනයා ඉදිරියේ මුහුණ දෙන්න බැරි විදියට විචේනය කළා.’’
ඉනපසු එම සජීවී වැඩසටහන සංස්කරණය කර එදින සවස සිට රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ ප‍්‍රසිද්ධ කර ඇති බව ද පැමිණිලිකාර නිස්සංක මහතා කීවේ ය.
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සිවිල් පුරවැසියාට ලබා දී ඇති බලතල අනුවයි මම ඒ පැමිණිල්ල දැම්මේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ පැමිණිල්ල තාවකාලික පැමිණිල්ලක් ලෙස බාරගත්තා. මට ඒ බවට රිසිට්පතකුත් ලබා දුන්නා. සාක්කි ඉදිරිපත් කිරීමට සහ විධිමත්ව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී මට දැනුම් දෙන බව ද පැවසුවා.’’ එල්.පී. නිස්සංක මහතා පැවසුවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පුරවැසියොත් ඉන්නවා එහෙනම්! පුදුම වෙන්න දෙයක් නෑ. රටකට ආණ්ඩුවක් ලැබෙන්නේ එහි පුරවැසියන් අනුවය කියනවනේ...
මේ රටේ සිදුවන අසාධාරණ කියන එකම රජය පැත්තේ MP මොහුය. නීතිඥයන්ට, නඩුකාරයින්ට විරුද්ධව කතා කිරීම නිසා ඔහුට ඉහත ලෙසම සුපරිමාධිකරණයේ නඩුවකි. හමුදාවල සිදුවන අසාධාරණ කියන විට තව නඩුවක් දමාවි. නගහකන්ද කොඩිතුවක්කු සහ ආවා සමාජිකය-දෙරණ යූ ටියුබ් වල කියන දේ මෙම අසාධාරණයම වේ. අවුරුදු 71ක් පසුවී අප රට වේගයෙන් කොරියාව, ඉතියෝපියාව, බන්ගලිදේශය පසුකර සෝමාලියාව පසු කිරීමට සැරසේ. අපගේ දරුවන්ට යන කල? ජනගහනය කොටි 2 යි. හොරු සිටින්නේ ප්‍රධාන පක්ෂවල ඉහළ අය.., රජයේ සමහර ඉහළ තනතුරු දරන අය වේ. මේ සුළු පිරිස මුළු රටම කයි. නාගහකන්ද කොඩිතුවක්කු, සුගන්ධිකා නීතිවේදනීය, ආවා සමාජිකයා, රොහාන් පල්ලෙවත්ත, රන්ජන් රාමනායක, එකතු වුනොත් මේ රට බේරා ගැනීමට පුළුවන. මේ සඳහා දෙරණ සහ ලංකාදීපය එකතුවී රට හදන්න අලුත් පෙරමුණක් හදන්න.
මේ පුරවැසියා පොහොට්ටුවෙන් නේද ..?
පුරවැසියෝ කියලා කියා ගත්තට වැඩිපුරම ඉන්නේ බලු කුක්කෝ. මනුස්සයෙකුට පාරේ යන්න නැහැ... මොවුන් ඇඟට කඩා පනිනවා.
අපරාදේ, GP NISSANKA මහත්තය විනෝදාංශයක් ලෙස, නඩු කියන බව කලින් දැනගෙන හිටියා නම් ඉඩම් නඩුවකටවත් පටලවා ගන්න තිබුනා.
බඩ ගෝස්තරය වෙනුවෙන් නඩු කියන තියරිය, ලංකාවේ අධ්‍යාපන විෂය නිර්දේශයට ඇතුලත් කල යුතු නොවේද?
ඔබ දෙපලටම ස්තුතියි. හැබැයි ඔබ කියන අයුරින් අනිත් දේවල් කරවන්න ඔිනි අපි නොවෙයි. නඩු කියන එක හෝ නොකියන එකට වඩා මම අහන්නේ දෙන්නගෙන්ම හැම දේකටම විදියක් තියෙනව නේද. අනික හමුදාවන් වල අසාධාරණ සිදු වෙනව නමි වැරදි කරන අය ඉන්නවනමි ඒකට තියෙනව වෙනම ක්‍රමයක්. ඒ විදියට කලා නමි හමුදාවට තියෙන ගරුත්වය එහෙමිම තියෙවි. ඒක ආයතිනක වශයෙන් බලද්දි වැරදි. සමහර විට මම මෙි කියන දේ නොතේරෙන්න පුලවන්. හැබැයි නැවතත් යුද්දයක් අාවොත් හමුදාව සිටිය යුත්තේ විනාශ නොවුනු හමුදාවක්. අනික යුද්දය තියෙන කාලේ හැම දුකක්ම වින්දේ හමුදාව. ජාතික ආරක්ෂාව ගැන සිතිය යුත්තේ අපි හැමෝමයි. මගේ මෙි පැමිණිල්ලේන් බලාපොරොත්තු වන්නේ හමුදාවන් වල චිත්ත දෛර්්‍ය විනාශ නොකල යුතුයි. එකක් දෙකක් වැරදි වුවත් ඒවා දෙසත් බලන්න අවශ්‍ය සිද්ධිමය කරැණු මතයි. නඩු කියන එක මට ප්‍රශ්නයක් නොවෙයි
දෙවියන්වහන්සේ වරදක් කලත් වැරැද්ද වැරද්දමයි. ඉතින් මහජනයාගේ දැනගැනීම සඳහා ඒවා ප්‍රසිද්දියේ කීවම මොකද වැරැද්ද? හමුදාවල එහෙම අඩුපාඩු තියෙනවනම්, වැරදි තියෙනවනම් ඒවා නිවැරදි කරගන්න එක නේද කල යුත්තේ. එම වැරදි අඩුපාඩු පෙන්නලා දෙන අයට විරුද්දව නඩු කියන එක නෙවේ නේද කල යුත්තේ. එක අතකට බලන කොට මේක මහා පුදුම රටක්. කහ සිවුරක් දාගත් අයෙක් වරදක් කරලා දඬුවම් දෙනකොට එය බුද්ධ සාසනය විනාශ කිරීමක්. හමුදා නිල ඇදුමක් ඇදගත් කෙනෙක් මිනි මැරුවත් ඒවා නොසලකා හරින්න ඕන. මොකද එයා රට බේරගත්ත රණවිරුවෙක්. මෙහෙම මෝඩ සහ ආත්මාර්ථකාමී සිතුවිලි තියෙන රටකට අනාගතයක් තිබේද කියන එක ප්‍රස්නයක්
හරිම සරලයි. රන්ජන්ගේ වැඩ වලට පෙනී සිටින නීතිඥයන් ඉන්නවා. ඒ නීතිඥයන්ගේ මතවාදය පතුරවන්න රන්ජන් ඉන්නවා. ඒ කිසි දෙයක් ගැන වැටහීමක් නැතුව මතුපිටින් පෙනෙන දේ බලන අය රන්ජන් හොඳයි කියනවා. අන්තිමට රට ඉවරයි. ඒ සත්‍යය තේරුම්ගත්ත පුරවැසියෙක් ඉදිරියට ඇවිත් තියෙනවා. මම ඉහතින් කිව්ව මතවාදය ගැන ගැඹුරින් කල්පනා කෙරුවොත් හැමෝටම තේරේවි.
සිවිල් පුරවැසියෙක් වෙන්න බෑ , සිවිල් වහලෙක් කිව්වනම් හරි
විශ්‍රාමික සෙබළුන් දැන් දුක කියන්න කෙනෙක් නැහැ රන්ජන්ට කියලා තියෙන්නේ ඒකනේ