IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොතල හිඹුටු ගෙන ගිය ජීප් රිය වෙන්දේසි කිරීම අත්හිටුවයි

(අධිකරණ උපාලි ආනන්ද)
 
කොතළ හිඹුටු කැබලි කිහිපයක් නීති විරෝධීව ප‍්‍රවාහනය කළ ප‍්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථය රාජ සන්තක කිරීමට   හිගුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා ලබාදී තිබූ නියෝගය මාර්තු මස 26 වන දින තෙක් තාවකාලිකව අත්හිටුවීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු එස් ඒ අයි එස් සුරවීර මහතා නියෝග කළේය.

 
එමෙන්ම අදාල ජීප් රථය වෙන්දේසි කිරීම තාවකාලිකව අත්  හිටුවමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත්  කළේය. ජීප් රියෙහි වටිනාකම රුපියල් ලක්ෂ 250 ක් පමණ වන අතර , කොතල හිඹුටු හි වටිනාකම රුපියල් 9720 ක් පමණ වේ.

 
මෙම අභියාචනයේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ගල්ඔය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට මාර්තු මස 26 වන දින පොළොන්නරුව මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරමින් මහාධිකරණ විනිසුරුවරයා නොතීසි නිකුත් ක‍ළේය.

 
 රාජ සන්තක කළ අධි සුඛෝපභෝගි ජීප් රථයේ   අයිතිකරු වන මාතලේ කච්චේරිය  පාර අංක 30 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන ජී වී සුසන්ත පුෂ්ප කුමාර මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් මහාධිකරණයට කළ කරුණු  දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කළේය.

 
 ජීප් රථය රාජ සන්තක කරමින් හිගුරක්ගොඩ මහාධිකරණ විනිසුරුවරයා ලබාදි තිබූ නියෝගය එම පෙත්සම මගින් අභියෝගයට ලක් කර තිබේ.
 හිගුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතාගේ නියෝගයකට අනුව  මීට පෙර රාජ සන්තක කල් සී පී සී ඒ එන් 2700 අංක දරණ ප‍්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථයයි .
 
 
මෙම අධි සුඛෝපභෝගි ජීප් රථයෙන් නීති විරෝධීව කොතළ හිඹුටු ප‍්‍රවාහනය කළ බවට අධිකරණය හමුවේ  චෝදනා ලබා සිටි අදාල ජීප් රථයේ රියදුරු එකී චෝදනාවට වරද පිලිගත් පසුව ඔහුට මුදලින්  රුපියල් විසි දහසක දඩයක්ද එදින නියම කළ මහේස්ත‍්‍රාත්වරයා   එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් සැකකාර රියදුරා  මාස තුනක බරපතල වැඩ සහිත සිර දඩුවමකටද යටත් කෙරිණ   සැකකාර රියදුරා සමග අත් අඩංගුවට ගත් කොතළ හිඹුටු කැබලි කිහිපය රාජ සන්තක කිරීමටද මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.
 
 
මෙසේ දඩ නියම වූයේ හබරන සූරියගම අංක 80 ලිපිනයේ  පදිංචි කේ ධර්මදාස නැමැති රියදුරෙකුටය ත‍්‍රිකුණාමලය හබරණ  ප‍්‍රධාන මාර්ගයේ ගල්ඔයදී මෙම සැකකාර රියදුරා සමග කොතල හිඹුටු ප‍්‍රවාහනය කරමින් තිබූ ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථය අත් අඩංගුවට ගනු ලැබුවේ ගල්ඔය  පොලිසිය එම ජීප් රථය නවතා  සිදු කළ සෝදිසියකදීය  සැකකාර රියදුරා මෙලෙස නීති විරෝධීව ප‍්‍රාවාහනය කර ඇති කොතළ හිඹුටු අලූත්ඔය ආනඋලූන්දෑව රක්ෂිතයෙන් නීති විරෝධීව කපා ප‍්‍රවාහනය කර ඇති බව සිද්ධිය සම්බන්ධයනේ ගල්ඔය පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශණවලදි අනාවරණය  වූ බව අධිකරණයේදී කියැවිණි
 
 
ජීප් රථයේ අයිතිකරු වෙනුවෙන්  ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කරුනාරත්න හේරත් මහතා පෙනී සිටියේය  



අදහස් (0)

කොතල හිඹුටු ගෙන ගිය ජීප් රිය වෙන්දේසි කිරීම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site