ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි මොහොතේ ඇති වූ නොසන්සුන් තත්ත්වය තුළ ඇමැතිවරයාගේ රැකවලකු තැබූ වෙඩි ප්‍රහාරයකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයකු මියගොස් තවත් සේවකයන් දෙදෙනකු බරපතළ තුවාල ලැබීමේ පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඇමැතිවරුන්වන රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, මංගල සමරවීර යන මහත්වරුන් හා චතුර සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජාතික රූපවාහිනී පරිශ්‍රයට ගිය මොහොතේ ඇති වූ නොසන්සුන් තත්ත්වය විද්‍යුත් මාධ්‍ය හරහා රටම දුටුවේය.
කාලාන්තරයක් මුළුල්ලේ මෙරට පුරුදු පුහුණු වී අැති විනාශකාරී දේශපාලන සංස්කෘතියට අදාළව ඉහත සිදුවීම් සම්බන්ධයෙන් විමතියක් ඇති කරගෙන යුතු නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ දේශපාලන නරාවළෙන් රට ගොඩගන්නේ කෙසේද යන්නය. මන්දයත් විරාමයකින් තොරව දිග හැරෙන්නේ එකම පන්නයේ වියරු දේශපාලන ජවනිකා නම්, එ් දේශපාලන සංස්කෘති යෙන් අප රටට අත්පත් කරගත හැකි ජයග්‍රහණයක් නොවීමය.
රාජ්‍ය ආයතන දේශපාලන පක්‍ෂ ශාඛා කාර්යාල බවට පත්වීමේ ආදීනව අප රට තරම් ඔප්පු කර පෙන්වා ඇති තවත් රටක් නොමැති යැයි යන්න මුසාවක් නොවේ. දේශපාලන දාස භාවයෙන් අනූන පාක්‍ෂිකයන්ගේ රස නහර පිනවන බොජුනක් බවට රාජ්‍ය ආයතන පත්වීමේ විපාකය ලෙස තවමත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි විශේෂ නාමකරණයකට ලක්වීමෙන්ම පැහැදිලිය.
දේශපාලන පක්‍ෂ යනු විවිධ මතිමතාන්තරවලට අනුව තමන්ගේ ප්‍රතිපත්ති සකසා ගත් සාමූහිකයකි. පක්‍ෂ අතර ඇති විවිධත්වයත් වෙනස්කමත් එයයි. ඒ අනුව ඒ මොහොතේ බහුතරයක් ජනයා පක්‍ෂග්‍රාහීවන දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය ජයග්‍රහණය කරනු ලබයි. ඊළඟ මැතිවරණයේදී ජනතාවට අවශ්‍ය නම් පාලනය වෙනස් කළ හැකිය. ආණ්ඩු තාවකාලික වන්නේ එහෙයිනි.
ආණ්ඩුවක ස්වභාවය එසේ වුවද රාජ්‍යයේ ස්වභාවය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. රාජ්‍යය යනු ස්ථීරසාර, ජාතික මතවාදයක්, ක්‍රමවේදයක් සහිතව ක්‍රියාත්මකවන දියුණු බලගතු යාන්ත්‍රණයකි. බලයට පත්වන ආණ්ඩුවක වගකීම වන්නේ එම බලගතු යාන්ත්‍රණය නිර්මාණශීලීව හා විද්‍යාත්මකව මෙහෙයවීමය. ආණ්ඩු වෙනස් වුවද රාජ්‍ය වෙනස් නොවී ඉදිරියට ගමන් කරන්නේ එහෙයිනි.
එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයට ඉඳුරාම වෙනස්ය. එම වෙනස් තත්ත්වය කොතරම් බරපතළ ද යත් රාජ්‍යයට වඩා ආණ්ඩුව බලවත්වී තිබේ. එහි තාර්කික ප්‍රතිඵලයක් ලෙස අප රටට කිසිදු ක්ෂේත්‍රයකට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගත නොහැකිය. පළමු වසරට දරුවකු ඇතුළත් කර ගැනීම තවමත් මරාගෙන මැරෙන මෙහෙයුමක්ය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට පමණක් නොව එකම ආණ්ඩුවේ ඇමැතිවරුන් මාරු වුවද ප්‍රතිපත්ති වෙනස් වේ. මෙරට බදු ප්‍රතිපත්තිය එයට එක් උදාහරණයක් පමණි.
ක්‍රියාත්මක වෙමින් තිබෙන මෙම ක්‍රමය තුළ කිසිදු ප්‍රශ්නයකට කල් පවත්නා හා දියුණු විසඳුම් නිර්මාණය කර ගැනීමට නොහැකිවී තිබේ. මේ රට කෘෂිකාර්මික රටක් යැයි හැඳින්වුවද ඉකුත් සමයේ ඇති වූ දැඩි නියඟය නිසා කන්න හතරක් පාළු වී ගියේය. නියඟය ස්වාභාවික උවදුරක් වුවද එබඳු උවදුරකට මුහුණ දීමේ ජාතික සැලැස්මක් රටකට තිබිය යුතුය.
මේ රට බත බුලතින් සරුසාර කිරීමේ මහා මෙහෙයුම ඇරැඹෙන්නේ මහින්දාගමනයත් සමඟය. එහිදී පෙර රජ දරුවන් තේරුම් ගත් කාරණයක් තිබිණි. එනම් කෘෂිකර්මාන්තයට ජලය අවැසි බවය. ජලය ලබාගත හැකි වන්නේ වැස්සෙනි. නොවැස්සොත් කෘෂිකර්මාන්තය වළපල්ලට යන බව රජදරුවෝ තේරුම් ගත්හ. පිළියම ලෙස ක්‍රියාවට නැඟුණේ අහසින් වැටෙන දිය බිඳු අපතේ නොයන ලෙස මහ වැව් ඉදිකිරීමය. අනාගත අභියෝග ජයගත යුත්තේ එසේය.
ඩොලරය ඉහළ යනවිට අපේ රුපියල පහළට වැටුණේය. එය මුළු මහත් ආර්ථීක දේහයටම දැනෙන තත්ත්වයකි. මුළු මහත් ජන ජීවිතයටම දැනෙන තත්ත්වයකි. ඩොලරය ඉහළ යාම අපට පාලනය කළ නොහැකි තත්ත්වයක් බව සැබෑය. එහෙත් පිටස්තරින් එල්ලවන එබඳු අභියෝගයකදී ‘‘පටි තද කර ගනිල්ලා’’ යැයි කීම ප්‍රමාණවත් නැත. එම තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීමේ වැඩපිළිවෙළක් රජයකට තිබිය යුතුය. අවදානමට වඩා සූදානම වඩාත් වැදගත් යැයි කල්පනා කිරීම රාජ්‍ය පාලනයේ මූලික ප්‍රතිපත්තියක් විය යුතුය.
එහෙත් එවැනි දියුණු දේශපාලන සංස්කෘතියක් නොවීම නිසා රාජ්‍ය යටපත්වී ආණ්ඩු බලවත් වී තිබේ. එහි ප්‍රතිඵලය රාජ්‍ය අායතන දේශපාලන පක්‍ෂ කාර්යාල බවට පත්වීමය. ඒ වෙනුවෙන් අලුත් බිල්ලක් ගෙන තිබේ. ක්‍රමය වෙනස් කිරීමට තවත් බිලි කීයක් ගත යුතුද?
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදා ගනිමු