IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


ප්‍රති අපනයනවලට මුවාවී කරන ජාවාරම් නවත්වමු

ප්‍රතිඅපනයනය ජාත්‍යන්තර වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ලබාගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් හැඳින්වෙයි. ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොවෙන භාණ්ඩ වර්ග මෙරටට ආනයනයකොට ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හරහා ලැබෙන බදු සහන උපයෝගී කර ගනිමින් ඒවා ඉන්දියාව වැනි රටවලට ප්‍රතිඅපනයනය කිරීම මෙහිදී මූලික වශයෙන් සිදුවෙයි. එහෙත් මේ ක්‍රියාවලිය සිදුවන්නේ නීතියට අනුකූලව පමණක් නොවේ. නීති විරෝධී ආකාරයට ද එය සිදුවෙයි. එසේ වනවිට ශ්‍රී ලංකාව තුළ නිපදවෙන ලෝක වෙළෙඳපොළේ මිලක් තිබෙන භාණ්ඩ පවා ගෙන්වා මෙරට නිෂ්පාදිතය සමඟ මිශ්‍රකොට ප්‍රතිඅපනයනය සිදු කෙරෙයි. එහිදී භාණ්ඩ ගෙන්වීමේදී රජයට ලැබිය යුතු ගාස්තු ගෙවීම් පැහැරහැරීම පමණක් නොව මෙරට භාණ්ඩවලට ජාත්‍යන්තරව ඇති පිළිගැනීමට ද සිදුවන්නේ හානියකි.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වන ඇතැම් සුළු බෝගවලට කාලයක සිට ප්‍රතිඅපනයනයේ අහිතකර පල විපාකවලට මුහුණපෑමට සිදුව තිබේ. ගම්මිරිස් මේ සඳහා පෙන්වාදිය හැකි හොඳම උදාහරණයයි. ගම්මිරිස් මෙරට නිෂ්පාදනය වන සුපිරි ගණයේ සුළු බෝග වර්ගයක් වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස් ප්‍රමාණය ලෝකයේ අවශ්‍යතාවලට කෙසේ වෙතත් මේ රටේ අවශ්‍යතාවලට පවා ප්‍රමාණවත් නැත. මේ නිසාම ගම්මිරිස්වලට හැමදාමත් ලැබුණේ හොඳ මිලකි. එසේම ශ්‍රී ලංකාවේ ගම්මිරිස් රසයෙන්, සුවඳින් සහ ගුණාත්මකභාවයෙන් ඉහළම ප්‍රමිතියක පවතී. මේ නිසා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට තිබුණේ ඉහළම පිළිගැනීමකි. ලැබුණේ ඉහළ මිලකි. එහෙත් මේ දෙකටම දැන් කාලයක සිට කණකොකා හඬා තිබේ. ඒ හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් වැටී සිටින්නේ අලි අමාරුවකය.

ගම්මිරිස් වගාවට මෙලෙස හෙනහුරා ලැබුවේ ප්‍රතිඅපනයන කතාවත් සමඟය. ලෝකය තුළ ගම්මිරිස් වැඩි වශයෙන් වගා කරන රටක් වන වියට්නාමයෙන් තත්ත්වයෙන් බාල ගම්මිරිස් ලාබෙට ආනයනයකොට මෙරට ඉස්තරම් ගම්මිරිස් සමඟ මිශ්‍රකොට ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වශයෙන් ප්‍රතිඅපනයනය ඇරුඹූ දා සිට රටේ ගම්මිරිස් ගොවියාට ලැබුණු මිල අඩකටත් වඩා පහළ වැටුණේය. වියට්නාමයෙන් ඕනෑ තරම් ගම්මිරිස් ආනයනය කිරීමට අවසර ලැබුණේ කෙසේද, ඒවා පසුපස සිටින්නේ කවුද යන්න සොයා බැලීමට රජය ද උනන්දුවන බවක් පෙනෙන්නට නැත. රටේ ගම්මිරිස් ගොවියාට වඩා මේ ජාවාරම පසුපස සිටින දේශපාලනඥයන් රැකගැනීමේ අවශ්‍යතාව නිසා එසේ කටයුතු සිදුවන බව තේරුම් ගැනීම අපහසු නැත.

ගම්මිරිස් වගාකරුවන්ගේ මේ බරපතළ ගැටලුව කලින් මේ විෂය භාරව සිටි දයා ගමගේ ඇමැතිවරයාගේ අවධානයට යොමුකළද එයින් පලක් නොවීය. ඔහු දැරූ ස්ථාවරය වූයේ එමගින් රටේ ගම්මිරිස් වගාවට හානියක් සිදුනොවන බවය. එහෙත් ඒ වනවිට ද රුපියල් 1600ක පමණ ඉහළ මිලක් තිබූ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 600 තරම් පහත වැටී තිබිණි. ඊට ඔහුගෙන් ඒ කාලයේදී කිසිම පිළිතුරක් නොලැබිණි. එහි ප්‍රතිඵල පසුගිය වසරේ පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී හොඳින් දැකගත හැකි විය. ගම්මිරිස් ඇතුළු සුළු බෝග වගා කරන පළාත්වල ඡන්දය ප්‍රකාශවී තිබූ ආකාරය නිරීක්ෂණය කිරීම පමණක් ඒ සඳහා සෑහෙනු ඇත. විෂය භාරව අලුත් ඇමැතිවරයකු පත්වී සිටින නමුත් ගම්මිරිස් වගාකරුවන්ගේ ගැටලුවලට තවමත් හරිහමං පිළිතුරක් ලැබී නැත.

ගම්මිරිස් පමණක් නොව කරුංකා සම්බන්ධයෙන්ද පවතින්නේ එවැනිම ගැටලුවකි. ප්‍රතිඅපනයනයට මුවාවී පාකිස්තානය වැනි රටවලින් මෙරටට ආනයනය කරනු ලබන කරුංකා මෙරට නිෂ්පාදන වශයෙන් සහතිකකොට සාක් කලාපයේ වෙළෙඳ ගිවිසුම්වල සහන ලබාගෙන ප්‍රතිඅපනයනය කිරීම විශාල ජාවාරමකි. රේගුවේ ආරංචි මාර්ග පවසන්නේ මේ ජාවාරම හේතුවෙන් රටට රුපියල් බිලියන ගණනින් බදු මුදල් අහිමිවන බවය. පසුගිය සතියේ සිදුවූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හිටි අඩියේ මාරුකිරීම පසුපස ඇත්තේද මෙවැනි ජාවාරම්කරුවන්ගේ ප්‍රබල හස්ත කිහිපයක් බවද කියැවිණ. කෙසේ වුවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය රාජකාරිය හරිහැටි ඉටුකරන, ජාවාරම්කරුවන්ට හිස නොනැමූ විශිෂ්ට නිලධාරිනියක බව පවසමින් රේගු නිලධාරීන් සටන් මඟට අවතීර්ණවීම නිසා රජයට එම මාරුකිරීමේ තීන්දුව හකුලා ගැනීමට සිදුවිය. ගම්මිරිස් - කරුංකා ජාවාරම්වල මහමොළකරුවන් අල්ලා නීතියේ රැහැනට හසුකර දී එමගින් රටට අහිමි වූ බිලියන ගණන් බදු මුදල් ආපසු රටට ලබා දීමට කටයුතු කරන එවැනි නිලධාරීන් අකාර්යක්ෂම නිලධාරීන් වශයෙන් ඇතැම් වගකිවයුත්තන් විසින් හඳුන්වා දෙන්නේ ඇයිද යන්න අපට තිබෙන ලොකුම ගැටලුවය.

අපේ රටේ දේශීය නිෂ්පාදකයන් රැකගැනීමට අවශ්‍ය වන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වැනි, ජාවාරමුන්ට එරෙහිව අභීත තීන්දු ගන්නා කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කරන විශිෂ්ට ගණයේ නිලධාරීන් මිස තමන්ගේ සාක්කු පිරෙනවා නම් රටේ සුළු ගොවියාට, කර්මාන්තකරුවාට හෙණ ගැහුවත් අපට මොකදැයි සිතන ගණයේ තුට්ටුදෙකේ දේශපාලනඥයන් නොවේ. අපේ රටේ දේ අපට අගේ යැයි සිතන දේශපාලනඥයන් සහ නිලධාරීන් බිහිවන තුරු අපේ රටට දියුණුවක් නම් දැකිය නොහැකිය. එවැනි අය නැතැයි කියා අපි නොකියමු. එහෙත් ටික දෙනකුගේ ජාවාරම් නිසා හොඳ මිනිසුන්ගේ කීර්තිය සහ අභිමානය ද සේදී යන බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.



අදහස් (2)

ප්‍රති අපනයනවලට මුවාවී කරන ජාවාරම් නවත්වමු

ranjith Sunday, 10 February 2019 12:17 PM

මේ අය තමයි ජනතා ද්‍රෝහීන්... කොයිතරම් දේශීය ගොවියෝ අමාරුවේ වැටුණද? මේ කාලකන්නි කීපදෙනෙක් මුදල් තණ්හාවට කරන තුට්ටුදෙකේ වැඩ නිසා මේවාට දඬුවම් දෙන්නෙත් නැහැ.. බලධාරීන් මේ ඔක්කොටම උඩ ඉන්න දෙවියෝ අච්චු දෙයි.

:       11       122

sarath Sunday, 10 February 2019 03:53 PM

මේකට ඍජුවම සම්බන්ධ බදියුදීන්ට එරෙහිව දේශපාලක බක පණ්ඩිතයින් කටක් අරින්නේ නැත. මහින්ද හොරා හොරා කියනවා ඇරෙන්න තමන්ගේ රෙදි පුරා තියෙන අසුචි ටික සෝදා ගන්නේද නැත. අහිංසක සිංහල වගාකරුවන්ට ඔවුන්ගේ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු යන හොරුන්ගෙන්ද වන්නේ අවැඩක් මය. බදියුදීන්ලාගේ කට්ටිය තමන්ගේ ආදායම ඇමතිතුමාගේ උදව්වෙන්ම කරගෙන යති. තේ කොළ වලටත් මේ නස්පැත්තියම වෙලා ඇත. අපගේ රීරි මාංශ උරා බොන සිංහල දේශපාලකයන් කුණු බිත්තර වලින් සංග්‍රහකොට එළවීමට කාලය එළඹී ඇත...

:       0       77

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

හදිසියේ ඉස්මතු වූ ජනපති සටන
2024 පෙබරවාරි මස 28 1049 2

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විවිධ ස්වරූප නව මානයකින් ප්‍රදර්ශනය වීමට පසුගිය සතියේ සිට පටන්ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සඳහ


සම්මාන මේනියාවෙන් රෝගී අපේ ප්‍රභූවරු
2024 පෙබරවාරි මස 28 195 0

‘සම්මාන මේනියාව’ අප රටේ බොහෝ දෙනකුට වැළඳෙන රෝගයකි. එය බොහෝ දේශපාලනඥයන්ට වැළඳෙන ‘රථගාය’ බඳු ය. ධනය ලැබූ පසු බොහෝ දෙනෙක් බලය පසුපස හඹායති. ඒ ගමනට සම්මාන ල


රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය එකම විසඳුමද?
2024 පෙබරවාරි මස 27 314 6

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ඉතිහාසය නිදහසින් පසු ආණ්ඩු ආර්ථික සංවර්ධනයේ සහ ජාතිය ගොඩනැගීමේ මාවතකට අවතීර්ණ වූ යුගය දක්වා දිව යයි. 1950 සහ 1960 ගණන්වල ජනසතු


මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු
2024 පෙබරවාරි මස 27 417 1

වර්තමාන පාලකයන් ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොතබන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා සඳහන් කර ත


​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 361 3

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?
2024 පෙබරවාරි මස 26 286 2

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 376 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 327 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site