IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ඉන්දු - පාකිස්තානු යුද ඉතිහාසයේ සන්ධිස්ථාන

කාශ්මීරයේ පාලන බලය ලබා ගැනීම අරමුණු කරගනිමින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධ දෙකක් සහ වරින් වර සටන් ඇවිළී තිබේ. එහෙත් ඒවා බොහෝ අවස්ථාවන්හිදී නිර්මාණය වූ කාලීන අවශ්‍යතා මත යටපත් වුවද ගිනි පුපුරු හැමදාමත් අළුයට රැඳී තිබිණ. 
 
දෙරට අතර සටන් ඇවිළුණු අලුත්ම සිදුවිම වූයේ ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවන් 40 දෙනෙක් මිය යෑමෙන් පසු ඉන්දීයාව පාකිස්තානයේ පිහිටි ත්‍රස්ත කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කිරීමයි. 
 
ක්‍රිස්තු වර්ෂ ආරම්භ වීමටත් පෙර, බුද්ධ කාලයේ පටන් ඒකීය රාජ්‍යයක්ව පැවැති භාරතය 1947 දී ඉන්දියාව සහ පාකිස්තානය ලෙස බෙදී වෙන්විය. එතැන් සිට කාශ්මීරයේ අයිතිය උදෙසා විටින් විට සටන් ඇවිළුණු අතර එහි ගලා යාම පහත පරිදි වේ. 
 
1947 දී ඉන්දියාව සහ පකිස්ථානය ලෙස කොටස් බෙදීමෙන් පසුව කාශ්මීරය මුල් කරගනිමින් දෙරට අතර ඇති වූ පළමු පළමු යුද්ධය 1947 වර්ෂයේදී ඇතිවිය. මෙම සටනේදී කාශ්මීරයේ ප්‍රාදේශීය පාලක මහාරාජා ඉන්දියාවට සහය දැක්වීමට ගෝත්‍රික සටන් කරුවෙක් ලෙස එක්විය. 
 
1965 - සටන් විරාමය ප්‍රකාශයට පත්කිරීමට පෙර කාශ්මීර තුළ ඉන්දියාව සහ පකිස්ථානය අතර දෙවන කෙටි යුද්ධය ඇති විය.  
 
1971 - ඉන්දියාව සහ පාකිස්ථානය අතර කාශ්මීරයේ බලය ලබා ගැනීම අරමුණු කරනොගත් හේතු මත තවත් යුද්ධ ඇති විය. නැගෙනහිර පකිස්ථානයේ  ඉස්ලාමාබාද් පාලනයට එරෙහිව මෙම සටන සිදු වූ අතර නවදිල්ලිය බෙංගාල ජාතීන්ට සහය දෙන ලදී. මෙම සිවිල් යුද්ධයෙන් පසුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යක් බවට පත්විය. ඉන්දීය ගුවන් හමුදාව පකිස්ථානයට බෝම්බ හෙළීය. 
 
1984 –  2003 සටන් විරාම ගිවිසුම අත්සන් කරන තුරු ඉන්දීය හමුදා විසින් දුරස්ථ පාලන ප්‍රදේශ සහ ජන ශූන්‍ය ප්‍රදේශ අත්පත් කරගන්නා ලදී. 
 
1999 - පකිස්ථානයේ පිටුබලය ලබන සටන්කාමීන් විසින් ආරවුල් ඇතිකර කාශ්මීර දේශ සීමාවට ඇතුල් වීමෙන් පසු කාර්ගිල් යුද්ධය ඇති විය. පකිස්ථාන සටන්කාමීන් පලවා හැරීමට ඉන්දිය හමුදා උත්සහ දැරූ අතර, ගැටුම් ඇතිවූ  සති 10 කින් පසු දෙපාර්ශවයේ ජීවිත 1000ක් පමණ අහිමි විය.
 
2016 - සැප්තැම්බර් මාසයේ පකිස්ථාන හමුදා ඉලක්ක කරගනිමින් ඉන්දියාව ප්‍රහාර එල්ල කර අතර, එම ප්‍රහාරවලින් සති දෙකකට අඩු කාලයකින් පසු පාකිස්ථානය විසින් ඉන්දීය හමුදාව වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවෝ 19 දෙනෙක් මිය ගියහ. 
 
නොවැම්බර් මාසයේ පකිස්ථාන දේශසීමාව අසල පිහිටි ප්‍රධාන ඉන්දීය හමුදා කදවුරකට එල්ල කරන ලද ප්‍රහාරයකින් ඉන්දීය සෙබළු 7ක් මියගියහ. 
 
2019 - ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පැරා මිල්ටරි හමුදාවේ සොල්දාදුවෝ 40 දෙනෙක් මිය ගියහ. එම ප්‍රහාරය පකිස්ථානයේ මූලධර්මවාදී කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොමඞ් තස්ත්‍ර ප්‍රහාරයක්  බවට නවදිල්ලිය ප්‍රකාශ කරන ලදී. 
 
2019 - පෙබරවාරි 26 වැනිදා ඉන්දියාව පාකිස්ථානයේ පිහිටි තස්ත්‍ර කදවුරු ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළේය.  ජායිෂ් ඊ මොහොමඞ් තස්ත්‍රයන්ගේ විශාලම පුහුණු කදවුරට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් විශාල තස්ත්‍රවාදීන් පිරිසක් මිය ගොස් ඇත.  
 
ඒ.එෆ්.පී ඇසුරෙනි
සැකසුම - නිසංකා සන්දීපනී
 
 
 
 
 



අදහස් (1)

ඉන්දු - පාකිස්තානු යුද ඉතිහාසයේ සන්ධිස්ථාන

NASRUDIN Monday, 04 March 2019 07:51 AM

සුද්දගේ බෙදා වෙන් කළ පාලනයේ (ඩිවෛඩ් ඇන්ඩ් රූල්) අනිසි ඵල, පාලක දෙපාර්ශවයටම..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site