IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


‘අපේ ජනපති අපේක්‍ෂකයා රනිල්’

 

සුනාමි සහන මණ්ඩල කතාවත් එක්කම ජනාධිපතිවරණය  මාතෘකාවත් කරළියට ආවා. එතන ඉඳලා ජනාධිපතිවරණයට තමයි අවධානය යොමු වුණේ. මේ කතාව මතු වුණේ 2005 අවුරුද්දේ මුල් හරියෙ. ජනාධිපතිවරණ කතාව ආවම අපි එයට සූදානම් වෙන්න පටන් ගත්තා. 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ කියලා කිව්වම ඒකට රටේ උනන්දුවක් තිබුණා.


චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඉල්ලන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒත් චන්ද්‍රිකා කුමාරතුංග පැත්තෙන් තර්කයක් ආවා 2005 ජනාධිපතිවරණයත් තරග කරන්නෙ කවුද කියලා. එයා දිවුරුම් දීලා තිබුණු දින වාකවානු අනුව 2006 තමයි ජනාධිපතිවරණය තියන්න ඕනෑ කියලා තමයි ඒ අය කිව්වේ. මේ ගැන රටේ ලොකු කතාබහක්  ඇතිවුණා. කලින් ජනාධිපතිවරණය තිබුණේ 1999. එතන ඉඳලා අවුරුදු හයක් වෙන්නේ 2005ට. මේ ගැන තමයි තර්ක මතු වුණේ. චන්ද්‍රිකා පාර්ශ්වයෙන් කිව්වෙ 1999 ඡන්දය තිබුණට දිවුරුම් දීලා තියෙන්නේ 2000 කියලා.


අපි මේ කතාවට දිගටම විරුද්ධ වුණා. මේ ගැන අධිකරණය ඉදිරියට යනවද කියලා කතාබහ වුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ඒකට කැමති වුණේ නෑ. ඒ නිසා අපි මහජන උද්ඝෝෂණයකට යන්න තීරණය කළා. අපි යෝජනා කළේ මේ සඳහා විරෝධතා පාගමනක් සංවිධානය කරමු කියලා. ඒ අනුව තමයි අපි 2005 දෙවුන්දර ඉඳලා කොළඹට ආපු පා ගමන සංවිධානය කළේ. ඒකට මූලිකත්වය ගත්තේ මම. මේ පා ගමන අපි “ජනබල මෙහෙයුම 3” කියලා තමයි නම් කළේ. මේක ඉතාම දුෂ්කර කටයුත්තක් වුණා. මේකේ සංවිධාන කටයුතුවලට මහින්ද විජේසේකර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, වජිර අබේවර්ධන වගේ අයත් එකතු වුණා. දෙවුන්දර දේවාලේ පූජාවක් එහෙම තියලා තමයි අපි වැඬේ ආරම්භ කළේ.


අපි පාගමන ආරම්භ කරලා දින දෙකකට පස්සේ අධිකරණය තීන්දුවක් දීලා තිබුණා ජනාධිපතිවරණය පවත්වන දින වකවානුව පිළිබඳව. මේ ගැන අධිකරණයට ගිහින් තිබුණේ ජාතික හෙළ උරුමය. ඒකට තමයි අධිකරණ තීන්දුවක් දීලා තිබුණේ. මම රනිල් වික්‍රසිංහට කලින්ම කිව්වෙත් අධිකරණයට යමු කියලා. ඒත් ඒ වෙලාවෙ ඔහු ඒකට අකැමැති වුණා. ඒකෙන් ජාතික හෙළ උරුමයට ඒකේ ක්‍රෙඩිට් එක ගියා.  අපි ජනාධිපතිවරණය ඉල්ලලා සංවිධානය කරපු පා ගමනේ සටන් පාඨය වෙනස් කරලා ඒක පොදුවේ ආණ්ඩු විරෝධයක් බවට පත් කළා. පාගමනේ ආරම්භයේදී ප්‍රධාන සටන් පාඨය වුණේ “ජනාධිපතිවරණය දියව්” කියලා. අපි ආණ්ඩු විරෝධී පා ගමනක් විදියට දින 8 පුරා වෙහෙසකර ගමනක් ඇවිත් පා ගමන කොළඹින් අවසන් කළා. පා ගමන කොළඹින් අවසන් කරද්දී ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් ඒකට එකතු වෙලා හිටියා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වුණේ. ලිප්ටන් වට රවුමෙන් තමයි අපි පාගමන අවසන් කළේ.


පා ගමනත් එක්ක අපිට ලොකු උත්තේජනයකුත් ඇති වුණා මැතිවරණයකට මුහුණ දෙන්න. ජනාධිපතිවරණයකට දින වකවානු ප්‍රකාශයට පත්වුණාට පස්සේ කවුද නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කියන එක ගැනත් ලොකු සංවාදයක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදියට මහින්ද රාජපක්‍ෂ ඉදිරියට ආවා. පක්‍ෂය ඇතුළෙ වාදයක් ඇති වුණේ මහින්ද රාජපක්‍ෂ ද අනුර බණ්ඩාරනායකද කියලා. මේ අතරේ අලවි මවුලානා වගේ පිරිසක් මහින්දගේ නම යෝජනා කරලා මහින්ද ජනාධිපති අපේක්‍ෂකයා කියලා තීරණය කළා. අපි නම් කලින්ම තීරණය කරලා තිබුණේ රනිල් වික්‍රමසිංහ තමයි ජනාධිපති අපේක්‍ෂකයා කියලා. අන්තිමට ජනාධිපතිවරණ සටනේ තරගකරුවෝ දෙන්න වුණේ රනිල් එක්ක මහින්ද.


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

‘අපේ ජනපති අපේක්‍ෂකයා රනිල්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 177 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1040 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site