IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


පිළිකා නාශක ගුණැති ප්‍රතිශක්තිය වඩන ’මුරුංගා’

දේශීය එළවළුවල පෝෂණ ගුණය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. අනාදිමත් කාලයක සිටම මිනිස්සු දේශීය එළවළු පලතුරුවලට හුරු වීම හේතුවෙන් නිරෝගිමත් ජීවිතයකට උරුමකම් කිවූහ. අද මෙන් නොව එකලදී ආනයනික ආහාර සුලබ නොවූයෙන් වස විසෙන් තොර දේශීය ආහාරවලට ලැබුණේ ප්‍රමුඛස්ථානයකි. ඒ අතර මුරුංගා යනු පෝෂණ ගුණයෙන් ඉහළ රසවත් එළවළුවක් සේම ඔසු ගුණයෙන් සපිරි ආහාරයකි. අතීතයේ සිටම ලාංකිකයා මුරුංගා ගසෙන් ප්‍රයෝජන රැසක්ම අත්පත් කර ගත්තේය.

එනම් ආහාරයක්, ඖෂධයක් සේම තේ වැනි පාන වර්ග සෑදීමටත්, මුරුංගා ඇට යොදා ගනිමින් ජල පිරිපහදුවටත්, පොහොරක් වශයෙනුත්, ඉඩමේ ඉඩ අඩු නොකොට වැට මායිමට සිටුවීමටත් මුරුංගා ශාකය ඉවහල් විය. ප්‍රාතිහාර්යයේ ගස එසේත නැත්නම් ජීවයේ ගස යන නම්වලින් හැඳින්වෙන මුරුංගා කර්කශක දේශගුණයට පවා ඔරොත්තු දෙන වස විස නොමැතිව වගා කළ හැකි ශාකයකි.

පෝෂණ ගුණය

දෛනික ප්‍රෝටීන අවශ්‍යතාව නිර්මාංශිකව සපුරා ගැනීමේ පිළියමක් ලෙස භාවිත කළ හැක.

කිරි මෙන් කිහිප ගුණයක අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහිත ප්‍රෝටීන පමණක් නොව විටමින්, ක්ෂුද්‍ර පෝෂක ප්‍රභවයක් ලෙසද භාවිත වේ.

එක් එක් ආහාරවලට සාපේක්ෂව මුරුංගා වියළි කොළවල ඇති පෝෂණ ගුණය

බිත්තර මෙන් හතර ගුණයක් ප්‍රෝටීන් ඇත.

කැරට්වල මෙන් දස ගුණයක් විටමින් A ඇත.

කිරිවල මෙන් දාහත්  ගුණයක් කැල්සියම් ඇත.

තිරිඟුවල මෙන් 4.5 ගුණයක් විටමින් E ඇත.

නිවිතිවල මෙන් විසිපස් ගුණයක් යකඩ ඇත.

සෝයා බෝංචි මෙන් දෙගුණයක් ප්‍රෝටීන් ඇත.

කෙසෙල්වල මෙන් පහළොස් ගුණයක් පොටෑසියම් ඇත.

ඌරු මස්වල මෙන් දස ගුණයක් විටමින් B3 ඇත.

සාඩින්වල මෙන් 50 ගුණයක් විටමින් B2 ඇත.

යෝගට්වල මෙන් නව ගුණයක් ප්‍රෝටීන් ඇත.

හරක් මස්වල මෙන් 4.5 ගුණයක් ෆෝලික් ඇසිඩ් ඇත.

රට කජුවල මෙන් 50 ගුණයක් විටමින් B3 ඇත.

ඇපල්වල මෙන් පස් ගුණයක් තන්තු ඇත.

අමු මුරුංගා කොළවල  දොඩම්වල මෙන් 07 ගුණයක් විටමින් C ඇත.

මුරුංගා ග්‍රෑම් 100ක අඩංගු පෝෂණ ගුණය

ඔසු ගුණය

මුරුංගාවල පිළිකා නාශක ගුණයක් අන්තර්ගතයි. ප්‍රතිශක්තිය වඩවයි. අධි රුධිර පීඩනය අවම කිරීම,රුධිර ගත කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පාලනය කරයි. අපස්මාරය , හිසරදය ඇතුළු ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා හිතකර වේ. මල බද්ධය ඇතුළු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා යෝග්‍ය වේ. ඇසේ පෙනීම වර්ධනය සඳහා විටමින් හා ක්ෂුද්‍ර පෝසක සපයයි.

මුරුංගාවල ඇති විටමින් ඇතුළු ක්ෂුද්‍ර පෝෂක ගුණය නිසා එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම රැලි වැටීම වලක්වාලයි. සම වර්ණවත් කෙරේ. තුවාල සුව වීම ඉක්මන් කරයි. හිස කෙස් වර්ධනය වේ.

එසේම තෛරොයිඩ් ග්‍රන්ථිය, අක්මාව, සන්ධිගත රෝග, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග සඳහා යෝග්‍ය වේ.

රක්තහීනතාව මැඩලීමට අවශ්‍ය යකඩ සපයයි.

මුරුංගා ශාකයේ කොටස් ආහාර ලෙස ලබා ගැනීම

ආහාරයක් වශයෙන් අපේ බොහෝ අවධානය යොමු වී ඇත්තේ මුරුංගා කරල් වෙතය. එහෙත් ශාකයේ අනෙක් කොටස්ද ආහාරයේදී භාවිත කළ හැකිය.

ඒ අනුව මුරුංගා කරල්වලින් රසවත් වෑංජනයක් පිළියෙළ කර ගත හැකියි. පත්‍ර මගින් වෑංජනයක්, මැල්ලුම්, සම්බෝල, සුප් සහ කැඳ සඳහා භාවිත කළ හැකිය. මුරුංගා මල් වෑංජනයක් මෙන්ම තම්බා පානය කළ හැකි වීමද විශේෂත්වයකි. මුරුංගා ඇට කබලේ බැද වෑංජනයක් වශයෙන් පිළියෙළ කරගත් විට ඉතාම රසවත්ය.මුරුංගා ඇටවලින් ලබා ගන්නා තෙල් සලාද වශයෙන් යොදා ගත හැකිය.

කෘෂි කර්මාන්තයට ඇති දායකත්වය

මුරුංගා වගාවේදී හෝ මුරුංගා ආහාරයට ගැනීමේදී වස විස භාවිතයක් නැත. මුරුංගා ශාක කොටස් දිය කර පරිසර හිතකාමී පොහොරක් ලෙස විදේශ රටවල භාවිත කෙරේ.

ආර්ථිකයට ඇති බලපෑම

ශාකයේ සියලුම කොටස් ආහාරයට ගත හැකි නිසා මෙන්ම පෝෂණ ගුණය ඉහළ බැවින් ආහාර වේල පූර්ණ වේ. ප්‍රතිශක්තිය ඉහළ නැංවීමෙහිලා වෙනත් රෝග වෙනුවෙන් වැයවන ධනය හෝ සම්පත් ඉතිරි කර ගත හැකිය. මුරුංගා යොදා ගනිමින් කරන නිෂ්පාදන ගෘහ කර්මාන්තයක් ලෙස ආදායම් ඉපයීමට භාවිත කළ හැකිය.

බටහිර රටවල vegan නිර්මාංශ ප්‍රවණතාව අනුගමනය කරන අයට අවශ්‍ය ශාකමය ප්‍රෝටීන් ප්‍රභවය ලෙස මුරුංගා පත්වී ඇත. ඒ අනුව බලන කල මුරුංගා යනු අපනයන සම්පතකි.

අපේ රටේ දේශගුණ තත්ත්වය යටතේ පහසුවෙන් වගා කළ හැකි වීම නිසා ඉතා පලදායී කර්මාන්තයක් වශයෙන් රට පුරා ව්‍යාප්ත කිරීම මගින් රටේ ආර්ථික දියුණුවට දායක විය හැකිය.

මූලාශ්‍ර -Moringaoleifera ;A review on nutritive importance and its medicinal application Gopalakrishnan Let al;2016

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

පිළිකා නාශක ගුණැති ප්‍රතිශක්තිය වඩන ’මුරුංගා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 964 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site