IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කොවිඩ් - 19 නව ප්‍රභේදය ‘ලැම්ඩා‘

දකුණු ඇමරිකානු රටක් වන පේරූ රාජ්‍යයෙන් ප්‍රථමවරට සොයා ගත් බවට නිල වශයෙන් දැනුම් දුන් කොවිඩ් -19 නව ප්‍රභේදය වන ලැම්ඩා මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30 කින් පමණ වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නැමැති කොවිඩ් වයිරස ප්‍රභේදය, "තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ලෙස වර්ග කිරීමත් සමගම ලොව පුරා ඒ පිළිබඳ දැඩි අවදානයක් යොමු වෙමින් පවතී.

කොවිඩ් - 19 ඇති කරන, විකෘති වයිරස ප්‍රභේද දෙකක් වන ඇල්ෆා සහ ඩෙල්ටා පිළිබඳඅපට අත්දැකීම් තිබුණත් තවමත් මෙම ලැම්ඩා ප්‍රභේදය අපේ රටෙන් වාර්තා වී නැත.

පසුගිය 2020 වසරෙහි අගෝස්තුවේ මුලින්ම වාර්තා වී ඇති මෙම ප්‍රභේදය පිළිබඳව කතාබහ අලුත් වූයේ පේරු දේශයෙන් වාර්තා වෙන අධික කොවිඩ් මරණ ප්‍රතිශතයට ලැම්ඩා ප්‍රභේදය මූලික හේතුවක් විය හැකි බවට එරට සෞඛ්‍ය අංශ සැක පළ කිරීමත් සමගයි.

එනමුත්, මෙහිදී අප අවධාරණය කළ යුතු කාරණාව වන්නේ මෙම දත්ත සහ ප්‍රතිශත පිළිබඳව අර්ථකතනය කිරීමේ දී ඒ ඒ රටෙහි රෝග හදුනා ගැනීමට ඇති පහසුකම්, රෝග හඳුනා ගැනීමට පරීක්ෂාවන් කරන ප්‍රතිශත සහ එම සෞඛ්‍ය පද්ධතියේ දරාගැනීමේ හැකියාවන් පිළිබඳ හොඳ දැනීමක් ඇතිව පමණක්, අදාළ තත්ත්ව අනෙක් රටවල් වලට සහ ලෝකයට බලපාන ආකාරය පුරෝකථනය කළ යුතු බවයි.

දැනට අප රටෙහි පැතිරෙමින් පවතින ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද අයත් වන්නේ, ලැම්ඩා ප්‍රභේදය දැනට ගොනු කර තිබෙන කාණ්ඩයට වඩා වැඩි තීව්‍රතාකින් යුතු වයිරස ප්‍රභේද ගොනු කර ඇති, “දැඩි අවධානයක් යොමු කළ යුතු " (variant of concern) කාණ්ඩයටයි. ලැම්ඩා ප්‍රභේදය තවමත් එලෙස වැඩි අවධානයට යොමු කළ යුතු වූවක් ලෙස හඳුනාගෙන නොමැති අතර එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු ප්‍රභේදයක් ලෙස පමණක් නම් කර ඇත.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට වරින් වර, සමහර රටවල් සහ ප්‍රදේශවල රෝගීන් පොකුරු ඇති වීම සඳහා හේතු වූ ලැම්ඩා ප්‍රභේදයෙහි සමස්ත බලපෑම කෙබඳුදැයි අනුමාන කිරීම සඳහා සම්පුර්ණ දත්ත තවමත් ලැබී නොමැත. ඊට අදාළ පර්යේෂණ මේ මොහොත වන විටත් දියත්වෙමින් පවතී. දැනට පවතින තොරතුරුවලට අනුව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවට පමණක් තීරණය කර ඇති මොහොතක පවා, ලංකාවේද මෙම වයිරස ප්‍රභේදය පිළිබඳව මෙලෙස කතා බහක් ආරම්භ වීම ඇත්ත වශයෙන්ම සිදු විය යුත්තකි.

මෙවැනි, තමාගේ සෞඛ්‍යයට බලපාන සාධක පිළිබඳව තේරුම් ගැනීම සහ ඊට පිළියම් සෙවීමට උනන්දුවක් දැක්වීම පුද්ගල බලකරණයේ ලක්ෂණයකි.

මෙතෙක් නව කොවිඩ් වයිරස ප්‍රභේදවලින් ප්‍රවේශම් වීමට අප භාවිත කළ නිවැරැදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දෑත් පිරිසුදු කර ගැනීම මෙම ලැම්ඩා ප්‍රභේදයෙනුත් අපට ආරක්ෂාව සලසා ගත හැකි සෞඛ්‍ය මාර්ගෝපදේශ වේ.

විවිධ එන්නත් වර්ගවලට මෙම නව ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කිරීමේ හැකියාවෙහි වෙනසක් ඇති ද යන්න පිළිබඳව තවම පර්යේෂණ සිදුවෙමින් පැවතුනත්, එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව දැනට පවත්නා තොරතුරු මඟින් වැටහී යන කරුණකි.

අවසාන වශයෙන් කිව යුත්තේ, මෙම ප්‍රභේදය දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් “තව දුරටත් අධ්‍යයනය කළ යුතු ප්‍රභේදයක්” ලෙස පමණක් නම් කර තිබුණත් ඉදිරියේ දී නව දැනුම එකතු වීමත් සමඟ, “දැඩි අවධානයට යොමු කළයුතු ප්‍රභේදයක්” ලෙස හඳුනා ගැනීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව නවතම විද්‍යාත්මක තොරතුරු ඉදිරියේදී බිහි වනු ඇත.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඇසුරිණි)

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (0)

කොවිඩ් - 19 නව ප්‍රභේදය ‘ලැම්ඩා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31025 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site