රජයේ ඉඩමක් ලක්ෂ 40 ට විකුණූ බව කියන විත්තිකරු නිදොස් කර නිදහස්
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව කියන ඉඩමක් බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ හතලියකට විකිණීමෙන් ’’වංචාවක්’’ සිදුකල බවට අධිචෝදනා ලද සිටි විත්තිකරුවෙකු පැමිනිල්ලේ නඩුව අවසානයේදී විත්තියේ සාක්ෂි නොකැදවාම නිදොස්කර නිදහස් කිරීමට ගරු පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩි.එල්.එස්.කුමාර මහතා නියෝග කලේය.