
ආසියානු කලාපයේ සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගියේය. පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
වානිමෝ වෙරළාශ්‍රිත නගරයේ දී පැපුවා නිව්ගිනියා බලධාරීන් පාප්තුමන් පිළිගත්තේ එරට ස්වදේශීය වැසියන්ගේ සම්ප්‍රදායට අනුව, පිහාටුවලින් හැඩ ගැන්වුණු හිස් වැස්මක් පලඳවමිනි.
පාප්තුමන් පැපුවා නිව් ගිනියාවට පැමිණියේ මිෂනාරීවරුන් කළ ආරාධනාවක් පිළිගනිමිනි.
පෝර්ට් මෝර්ස්බි නගරයේ පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වුණු අතර 35,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
පැපුවා නිව්ගිනියා සංචාරය අවසන් කිරීමෙන් පසු පාප්තුමා නැගෙනහිර ටිමෝර් රාජ්‍යයටත් පසුව සිංගප්පූරුවටත් යෑමට නියමිත බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd