ගැටුමෙන් සරසවි සිසුවා මරුට හෝමගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකදී විශ්ව විද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ඊයේ (09) රාත්‍රී ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු මියගොස් ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසය පවසයි 10 April 2026
ලෙබනනය එක්ක සාකච්ඡා කරන්න ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලයට නියෝග කර ඇත. 10 April 2026
ප්‍රහාර සීමා කරන්න ඉරානය සමග පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සීමා කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර ඇත. 10 April 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද ඇමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා අද (10) පාකිස්තානයේ මැදිහත් වීමෙන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වෙයි. සාම සාකච්ඡා හේතුවෙන්, ඉස්ලාමාබාද් අගනුවරට විශේෂ ආරක්ෂාවක් යොදා ඇත. 10 April 2026
’’ආටෙමිස් 2’’ ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතති ’’ආටෙමිස් 2’’ මෙහෙයුම අවසන් කර පෘතුවිවියේ වායුගෝලයට ගිනිබෝලයක් වී නැවත ඇතුළුවීමට සූදානම් වන ගගනගාමීහු සිවුදෙනා අභ්‍යවාකාශයේ සිට ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් ඇමැතූහ. 09 April 2026
පොලිස් පරීක්ෂකගේ අම්මා කුඩු බෙදලා පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. 09 April 2026
වරදක් ඇත්නම් උසාවි යන්නැයි නලින්ද වෛද්‍ය සංගමයට කියයි නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී රජය වරදක් කර තිබේ නම් අධිකරණයට යන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය. 09 April 2026
යුද්දයෙන් රුසියාවට ලොකු වාසියක් ඉරාන යුද්ධයෙන් වැඩිම වාසිය රුසියාවට අත් කරමින් අප්‍රේල් මාසයේ රුසියාවේ තෙල් අපනයන ආදායම දෙගුණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 09 April 2026
පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් සමඟ දැලේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් මත්ද්‍රවය සමඟ අද(09) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. 09 April 2026
හෝමූස් පසු කරන්න ඉරාන හමුදාවෙන් සිතියමක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා ඉස්ලාමීය ආරක්ෂක බළකායේ නාවික හමුදාව සිතියමක් හඳුවන්වා දී තිබේ. ඉරාන නාවික හමුදාව හොමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති මුහුදු බෝම්බ මගහැර යාත්‍රා කිරීම සඳහා මෙම සිතියම භාවිතයට ගත හැකි බව ඉස්ලාමීය ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත. 09 April 2026
අවුරුදු කෑම මේසෙටත් වියදම් වැඩි වෙලා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සම්ප්‍රදායික අවුරුදු කැවිලි මේසයේ මිල පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට හතකින් ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 09 April 2026
’’මන්ත්‍රීවරියන්ට වනචර කතා කියද්දී ලේකම් මණ්ඩලය නිදි’’ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මන්ත්‍රීවරියන්ට වනචර විදියට කතා කරද්දී ඒවා දැක දැක ලේකම් මණ්ඩලය අහක බලාගෙන සිටින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (09) පැවසීය. 09 April 2026
’’මාපියන් මත බර පටවනු එපා’’ පාසල්වල සංවිධානය කරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා අධික ලෙස මුදල් වැය කරමින් කටයුතු කරන සිද්ධීන් වාර්තා වන බැවින් එම කටයුතු සංවිධානයේ දී මාපියන් වෙත අමතර වැය බරක් නොයෙදෙන සේ ඉතාමත් චාම් අයුරින් හා අවම වියදමකින් එම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සියලු විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබේ. 09 April 2026
පාසල් පරිශ්‍රයේ මත්පැන් පානය කළ සිසුන් සිව්දෙනෙකු පොලිස් දැලේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් හතරදෙනෙකු පාසල් පරිශ්‍රය තුල දී මත්පැන් පානය කරමින් සිටිය දී අද (09) අත්අඩංගුවට ගත් බවත් එක් සිසුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අයහපත්වීම නිසා රෝහල් ගත කර ඇති බවත් හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 09 April 2026
සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් කීපයකට පත්වීමි සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම් ප්රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 09 April 2026
බලශක්ති ඇමති ඉල්ලා අස්වියයුතුයි බාල ගල් අගුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් රජය මැදිහත්වී ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවත් හිටපු අමාත්‍යවරයකු වන මාහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (9) පැවසීය. 09 April 2026
ලෝකේ පෝර මිල කොච්චර ඉහල ගියත් අපි 10,200ට දෙනවා ලෝක වෙළෙඳපොළෙහි පොහොර මිල කොපමණ ඉහළ ගියද යල කන්නයේ පොහොර මිටියක් රුපියල් 10,200ක උපරිම මිලකට යටත්ව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික අලුත් සහල් මංගල්‍ය අමතමින් අද (9)පැවසීය 09 April 2026
’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් සම්මතයි මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී අද(9) සම්මතවිය 09 April 2026
හොර ලයිසන් හැදූ දෙන්නෙක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් රවටා ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබා දෙන ජාවාරමකට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. 09 April 2026
හම්බන්තොට වරාය ඉදිරිපිට දරුණු අනතුර හම්බන්තොට ජාත්‍යන්තර වරාය දෙවන පිවිසුම් දොරටුව ඉදිරිපිට අද අලුයම ලංගම බස් රථයක් සහ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් බස් රථයේ ගමන් ගත් තිදෙනකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව හම්බන්තොට වරාය පොලිසිය කියයි. 09 April 2026
R.M.V උසස් නිලධාරින් ගැන විමර්ශනයක් වාහන ආනයනකරුවන්ට ගරාජ් අංක (සී.සී. අංකය) නිකුත් කිරීමේදී අල්ලස් වශයෙන් මුදල් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් විසින් කර ඇතැයි කියන විවිධ අන්දමේ දුෂිත ක්‍රියාවන් හෙළි කර ගැනීම සඳහා අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත. 09 April 2026
කොටුව දුම්රිය පොළේ නවීකරණ ඇරැඹෙයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද දින (9) නිල වශයෙන් ආරම්භ විය 09 April 2026
නඩු බඩු රුපියල් 500ක් සොරා ගත්තැයි හිටපු අයි.පී අල්ලයි බොරැල්ල පොලිසියේ නඩු භාණ්ඩ අතර තිබූ රුපියල් 500/= මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 09 April 2026
නිධන් ගල් ගන්න ගිහින් මාංචු වැටේ මහව අමුණකොලේ, බලල්ල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයක තිබූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති කලු ගලක් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයන් සිව්දෙනකු ඔවුන් පැමිණි වෑන් රථය සමග අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලීසිය කියයි. 09 April 2026
මත් කුඩු කිලෝ 20ක් සමග අයෙක් මාට්ටු අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බොල්ලත උතුර ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අඩංගුවට ගනු ලැබීය. 09 April 2026
කටුවන පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමග මාට්ටු විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් යෙදිය හැකි ගිණි අවියක් බලපත්‍ර නොමැතිව ළඟ තබාගත් කටුවන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු මෙන්ම එම සභාවේ විපක්ෂ නායකවරයා මිද්දෙණිය මැල්ලකැටිගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ලත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 09 April 2026
හිංසාවට ලක්වූ මැතිසබා නිලධාරිනියට යුක්තිය ඉටු කිරීම මගහැරලා පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට විවිධ හිරිහැර සහ අඩන්තේට්ටම් සිදුව ඇති බවට හිටපු මහාධිකරණ විනිශ්චයකාරවරියකගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පැහැදිලිවම කරුණු අනාවරණය කර තිබියදී ඒ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 April 2026
රට රැකියා පෙන්වා මුදල් ගැරූ මහරගම කත කොටු ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 April 2026
ප්‍රතිකාර ලබා රනිල් දිවයිනට ප්‍රතිකාර කටයුත්තක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මීට සුළු මොහොතකට පෙර ලංකාවට පැමිණියේය. 09 April 2026
බන්ධනාගාරයට ජීව උණ්ඩයක් රැගෙන පැමිණි හිටපු සෙබළා අල්ලයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මිලිමිටර් 9 වර්ගයේ ජීව උණ්ඩයක් රැගෙන පැමිණි හිටපු නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 09 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026