ගාල්ලේ සුපිරි වෙළදසැල් අසල පා සළකුණු කිරීමේ ව්‍යාපෘතියක් භාණ්ඩ මිලදි ගැනිම සදහා ජනතාව වැඩි වශයෙන් පැමිණෙන ගාල්ල නගරය හා ඒ අවට පිහිටි ලක් සතොස හා සුපිරි වෙළදසැල් ඉදිරිපිට පා සලකුණු කිරීමේ වැඩසටහනක් අද (27) ආරම්භ කරණු ලැබිය. 27 March 2020
කටුනායක වෙළඳ කලාපයේ පිරිස ප්‍රවාහනයට ලංගමයෙන් බස් රථ 20ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් ඔවුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් බස්රථ 20 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත අද (27) ලබා දී තිබේ 27 March 2020
වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට නියම කළ මිලට වඩා වැඩි මිලට මැනිං වෙළඳ පොළේ එළවළු විකුණූ වෙළඳුන් හතර දෙනෙකු පාරිභෝගික අධිකාරිය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 27 March 2020
බද්දේගම ප්‍රාදේශීය සභාවෙන් කොරෝනා මර්දනයට ලක්ෂ 25 ක් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරිමට අද (27) වන විට රුපියල් ලක්ෂ 25 ක් එම ප්‍රාදේශීය සභාව වැයකර ඇතැයි බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර අමරසිරි නාරංගොඩ මහතා පැවසිය. 27 March 2020
කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවක පිරිස් නිවෙස්වලට යවති කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරන , එහෙත් මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් , ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කෙරිණි. 27 March 2020
වෙනිසුවේලාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි වෙනිසුවේලාවේ ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය අද(27) වාර්තා වී ඇතැයි එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගොස් මහතා පවසයි. 27 March 2020
තුර්කියේ කොරෝනා නව ආසාදිතයන් 2433ක් තුර්කියේ නව කොරෝනා වයිරස මරණ 59ක් වාර්තා වීමත් සමග මෙතෙක් වාර්තා වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් තිබේ. 27 March 2020
වැලිකන්ද- පුනානිවල නිරෝධායනය වු 188ක් පිටව යති මඩකලපුව පුනානි හා වැලිකන්ද කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානවල දින 14 ක් නිරෝධායනය වු ලාංකිකයින් 188 දෙනෙකු අද 27 පෙරවරුවේ සිය නිවෙස් කරා පිටත්ව ගිය බව හමුදාවේ උසස් නිලධාරීයකු පැවසිය. 27 March 2020
රටවල් තුනකින් විශේෂ ගුවන් යානා තුනක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද (27) ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ. 27 March 2020
කොරෝනා මඬින්න වැලිවිටිය දිවිතුර ප්‍රා.සභාවෙන් ලක්ෂ 10 ක් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදලක් වෙන්කර ඇතැයි වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා පැවසීය. 27 March 2020
දියතලාවේදී නිරෝධායනය අවසන් කළ කණ්ඩායමක් පිටව යයි යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනවලිය සාර්ථකව අවසන් කළ 309 දෙනකු අද (27) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව යුද හමුදාව පවසයි. 27 March 2020
ස්විස්ටර්ලන්තයේ සිටි ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය එසැණට පැවසුවාය. 27 March 2020
පමුණුවේ රෙදිපිළි අලෙවිසැල් 6 ක ගින්නක් මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙලෙදසැල් 6ක් මේ වන විට ගිනි ගැනීමට ලක් වන බව දෙහිවල ,ගල්කිස්ස හා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකය කියයි. 27 March 2020
කොරෝනා මඬින්න දකුණේ පළාත් පාලන ආයතන සඳහා මිලියන 55ක් කොරෝනා වසංගතය මැඬලිම සදහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49 සඳහා රුපියල් මිලියන 55ක මුදලක් ලබාදිමට පියවරගෙන ඇති බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි. 27 March 2020
ඇදිරීනීතියේදී කටානේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් හසු වෙයි කටාන බටහිර කලූවාරිප්පුව ප්‍රදේශයේ ඇඳිරි නීතීය අස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්කුඩු ජාවාරමක් හෙළිකර ගැනීමට කටාන පොලිසිය සමත්විය. 27 March 2020
කොරෝනා මඬින්න හබරාදූව ප්‍රා.සභාවෙන් ලක්ෂ 35ක් හබරාදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කෙරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් ලක්ෂ 35 ක මුදලක් යොදා ගැනීමට විශේෂ සභා රැස්වීමකදී සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය හිමිවූ බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා පැවසීය. 27 March 2020
නිකරගුවා රාජ්‍යයෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවා රාජ්‍යයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. 27 March 2020
රතුගල ආදීවාසීන්ට ආහාර හිඟයක් බිබිල රතුගල ආදිවාසි ගම්මානයේ ජීවිත්වන පවුල් 98 ක ජනයා මේ දින වල උග්‍ර ආහාර හිගයකට මුහුණ දී සිටින බව එහි නායක සුදා වන්නිල ඇත්තෝ පවසයි. 27 March 2020
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. 27 March 2020
කොරෝනා මඬින්න බෝපේ පොද්දල ප්‍රා.සභාවෙන් ලක්ෂ 40ක් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 40ක් යොදා ගැනීමට විශේෂ සභා රැස්වීමක දී සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් අවස්ථාව හිමි වූ බව බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් එන් අබේකෝන් මහතා පවසයි. 27 March 2020
වෙලේ සුදාට-මොහොමඩ් නියාස්ට දෙන්න මුදල් ගෙනා අයෙක් අත්අඩංගුවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් දෙදෙනෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ මොහොමඩ් නියාස් යන දෙදෙනාට ලබා දිම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රැගෙනවිත් බන්ධනාගාරය අසල රැඳි සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අද (27)අලුයම රත්ගම පොලිසිය වෙත බාරදි තිබේ. 27 March 2020
ගාස්තු රහිතව ඉ - තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාවක් පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව ඉ - තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 27 March 2020
නේපාලය සිටින ලාංකික වෛද්‍ය සිසුන් ගැන තානාපති කාර්යාලය සොයා බලනවා නේපාලයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා වසා දමා තිබෙන කත්මන්දු වෛද්‍ය පීඨයේ හා පොක්කාරා මනිපාල් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් පිළිබඳ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මෙනවිය නිරන්තරයෙන් සොය බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය. 26 March 2020
කෙන්යාවෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි කෙන්යාවෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. 26 March 2020
ඉන්දියාවෙන් ඩොලර් බිලියන 22ක සහන පැකේජයක් ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් දුප්පත් ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 22 සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි. 26 March 2020
බණ්ඩාරගමින් පස්වැනි කොරෝනා රෝගියාත් හමුවෙයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ථාසයට අයත් අටුලුගම මාරාව ප්‍රදේශයෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදිත රෝගියකු අද සවස හමු වූ බව බණ්ඩාරගම සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 26 March 2020
පොලිස් නිවාඩු හා දින විවේක අප්‍රේල් 10 දක්වා අවලංගුයි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අප්‍රේල් 10 වැනි දින දක්වා අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 26 March 2020
රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප 10 වැනිදා රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මාසයේ වැටුප අප්‍රේල් 10 වැනදාට පෙර ලබා බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. 26 March 2020
සායන රෝගියාට හෝ ඥාතියකුට පැමිණ බෙහෙත් ගන්න නීතියෙන් අවසර රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වය හේතුවෙන් ඇදිරිනීතිය පනවා තිබීමෙන් බදුල්ල පළාත් මහ රෝහලේ සායන සදහා යොමු විය යුතු රෝගීන් 600කට අධික සංඛ්‍යාවකට සායන සදහා පැමිණීමට නොහැකිව සිටීමට සිදුව තිබෙන බව බදුල්ල පළාත් මහ රෝහලේ සම්බන්ධීකාරක වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය. 26 March 2020
කොරෝනා මඩින්න අක්මීමන සභාවෙන් ලක්ෂ 20ක් අක්මීමන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොරෝනා වසංගතය මැඩ පැවැත්විම සදහා රුපියල් ලක්ෂ 20ක මුදලක් අද (26) පැවති ප්‍රාදේශිය සභා විශේෂ රැස්විමේ දි අනුමත කළ බව අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතා පවසයි. 26 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026