‘‘මැතිවරණයට දින නියම කළත් වැඩි අවධානය දිය යුත්තේ කොරෝනා මර්දනයටයි‘‘
මැතිවරණය කොමිසම මගින් මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇතත් මේ මොහොතේ ආණ්ඩුවේත්, මැතිවරණ අපේක්ෂකයින්ගේ මෙන්ම මැතිවරණ කොමිසමේත් අවධානය සම්පූර්ණයෙන් යොමු විය යුත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ලංකාදීපයට පැවසීය.