‘අ’පුර රාජ්‍ය ආයතන සතු ඉඩම් දේශපාලනඥයින් බලෙන් අල්ලාගෙන’ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩම් විශාල ප්‍රමාණයක් මේවන විටත් දේශපාලඥයන්ගේ හිත මිතුරන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇතැයි ‘අපි පුරවැසියෝ’ සංවිධානයේ සම කැඳවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 03 August 2020
සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියානුවෝ 10 ක් මිය යති ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කළ අත් සෝදන දියර (සැනිටයිසර්) පානය කිරීමෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 10 දෙනෙක් පමණ මියගොස් ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී. 03 August 2020
ලංකාපුර 90ක් ස්වයං නිරෝධායනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස පවුල් 19කට අයත් පුද්ගලයන් 90 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(03) පැවැසීය. 03 August 2020
යතුරුපැදි රැළියක් පැවැත්වූ පොහොට්ටුවේ ආධාරකරුවෝ 6 ක් අත්අඩංගුවට වවුනියාව , පට්ටාන්චූර් ප්‍රදේශයේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් යතුරුපැදි රැළියක් පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් 6 දෙනෙකු යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 August 2020
ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැතිට කොරෝනා ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කර ඇත. 03 August 2020
රාජ්‍ය සේවයේ අල්ලස දූෂණය පිටුදකිමු සුරාබදු නියාමනය සිදුකෙරෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් මගිනි. එවැනි දෙපාර්තමේන්තු, ආයතන ඇතුළු රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා අප්‍රමාණය. ඒ හේතුවෙන් රජයේ කාර්යාලයකින් කිසියම් සේවාවක් ලබාගැනීමට පැමිණෙන රටේ සාමාන්‍ය ජනතාව විවිධ කරදර හිරිහැරවලට ලක්වෙති. අතමිට මොලවා මුදලක් එහෙ මෙහෙ විසිකිරීමෙන් තොරව ඇතැම් විට තමන් බලාපොරොත්තු වන සේවාව ලබාගැනීමට ඔවුන්ට අවස්ථාවක් නැත. 03 August 2020
ලක්ෂ 6 මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට තලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 03 August 2020
කිතුල් රා විස වීමෙන් පාසල් සිසුවෙක් රෝහලේ මිතුරෙකු විසින් පානය කිරීම සඳහා ලබාදුන් කිතුල් රා විස වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් පාසල් සිසුවෙකු අද (3) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත. 03 August 2020
අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් අයිතිකරගත් ඉඩම් ගැන තොරතුරු හෙළිවෙයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා අයිතිකරුවන් බිය ගන්වා බලහත්කාරයෙන් අත්පත් කරගත් කෝටි 50 කට අධික වටිනා ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 02 August 2020
තවත් කොරෝනා රෝගීන් පස්දෙනෙක් මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2822 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 02 August 2020
සම්පායෝ සී.අයි.ඩීයට මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව මීගමුව පොලිසිය පවසයි. 02 August 2020
ඔයාලා කව්ද කියා සනත් - මුරලි දෙදෙනාගෙන් අසති සිය බාල සහෝදරයා වන මුත්තයියා ප්රභාකරන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙමින් මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවිධ නගර වලට යමින් සිටින මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය දෙදෙනාගෙන් කිසියම් පිරිසක් “ඔයාලා කව්ද” කියා විමසා තිබේ. මැතිවරණ රැස්වීමකට සහභාගි වීම සඳහා බගවන්තලාව ප්‍රදේශයට යමින් සිටියදී මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය දෙදෙනා මෙම සිදුවීමට මුහුණ දී ඇත. 02 August 2020
වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට නිකුත් කෙරේ වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට මුදාහැරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (2) පස්වරුවේ සිදුකෙරිණ. 02 August 2020
ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට විශේෂ ක්‍රියාමාර්ග රැසක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඡන්ද ගණන් කිරීම මැතිවරණ දිනට පසුදින ආරම්භ වන නිසා ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 02 August 2020
ලංකාපුර ප්‍රා.ලේකම් කාර්යාලයේ සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට කොරෝනා පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සිවිල් ආරක්ෂක භටයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය. 02 August 2020
ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 54,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (2) වාර්තා වූ අතර එම ගණන 54,000 ඉක්මවා ගියේය. 02 August 2020
සම්පායෝ අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබූ වැඩ තහනමට ලක්ව සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා අද (2) මීගමුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය. 02 August 2020
වරායේ වර්ජනය නිසා මිලියන 500 ක පාඩුවක් වරාය සේවකයන් විසින් ඉකුත් 31 වැනිදා සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 500 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතා ලංකාදීපයට අද පස්වරුවේ (02) පැවැසීය. 02 August 2020
’කිසිම අපේක්ෂකයෙක් මැතිවරණ නීති පිළිපදින්නේ නෑ’ කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු හෝ මැතිවරණ නීති නොපිළිපදින බවත් මැතිවරණ නීති වැඩි වීමට ප්‍රධානම හේතුව ඒවාට සම්බන්ධ අපේක්ෂකයින්ට අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් බදුල්ල මැතිවරණ කාර්යාලයේ දී පැවසීය. 02 August 2020
වික්ටෝරියා ප්‍රාන්තය ආපදා තත්වයක් ප්‍රකාශයට නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තය අද (2) ‘ආපදා තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කළේය. 02 August 2020
කෝටියක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටියකට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බෙල්ලන්විල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි. 02 August 2020
වරාය සේවක වර්ජනය අවසන් වරාය සේවකයන් විසින් දින තුනක් තිස්සේ ගෙන ගිය වර්ජනය හා දින පහක් තිස්සේ ගෙන ගිය සත්යග්රහ ව්‍යාපාරය අද (02) අවසන් කිරීමට වරාය වෘත්තිය සමිති පියවර ගත්හ. 02 August 2020
‘ව්‍යවස්ථාව ඉක්මණින් වෙනස් කරන්න අවශ්‍යයි’ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස් කිරීම ඉදිරි ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් සේ සළකා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 02 August 2020
කලුතර බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියකු අල්ලයි කලුතර බන්ධනාගාරයේ නිරෝධායන වාට්ටුවෙන් පලා ගිය රැඳවියන් තිදෙනාගෙන් එක් අයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කලුතර උතුර පොලිසිය කියයි. 02 August 2020
කොරෝනා ආසාදිත මවගේ බිළිඳා නිරෝගීයි කොවිඩ් - 19 වයිරසය ආසාදිත මවකට අලුත උපන් බිළිඳාට වයිරසය ආසාදනය වී නොමැති බව කොළඹ - නැගෙනහිර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා තහවුරු කළේය. 02 August 2020
මීගමුව බන්ධනාගාරයේ උණ පඳුරක් යට ටී-56 ජීව උණ්ඩ මීගමුව බන්ධනාගාරයේ තනිකඩ නිලධාරීන්ගේ බැරක්කය පිටුපස උණ පඳුරක් යට වළ දමා තිබූ ටී 56 ජීව උණ්ඩ 14 ක් සහිත පාර්සලයක් අද (02) දහවල් සොයාගත් බව මීගමුව පොලීසිය කියයි. 02 August 2020
සුවය ලැබුවෝ 74 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 74 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 02 August 2020
නවගත්තේගම ස්ථානාධිපතිට බැන වැදුණු අපේක්ෂකයාට පරීක්ෂණයක් නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ රාජකාරියට බාධා කළ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියකු කීය. 02 August 2020
කෙටල ගාලකින් ගිනිඅවි - මැගසින් අත්තිඩිය කහවිට මාවතේ කෙටල ගාලක තිබී අලුත්ම ගිනි අවි හතරක් සහ මැගසින් 8ක් හමු වූ බව ගල්කිස්ස පොලිසිය කියයි. 02 August 2020
තුන්වැනි මහලේ බිත්තිය සැඩ සුළඟින් අසල නිවෙසක වහලය මතට මොරටුව ලුනාව ප්‍රදේශයෙන් හමාගිය දැඩි සුළං තත්ත්වයෙන් ඉදිකරමින් තිබූ තුන් මහල් ගොඩනැගිල්ලක උඩුමහලේ බිත්තිය අසළ නිවසක වහලය මතට කඩා වැටී ගැබිනි මවක් ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව මොරටුව පොලිසිය පවසයි. 02 August 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026