මාර්ග සංවර්ධනයේ ලොක්කන් 20 දා කෝප් කමිටුව හමුවට මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප්) වෙත කැඳවා තිබේ. 15 October 2020
සිනමාශාලා යළිත් වසාදමයි දිවයිනේ සියලු සිනමාශාලා ඔක්තෝබර් 31වැනිදා තෙක් තාවකාලිකව වසාතබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි. 15 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 49 ක් මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරට අද (15) දිනයේ පුද්ගලයින් 49 දෙනෙකු වාර්තා වී තිබේ. 15 October 2020
ගම්පහ පැත්තේ නීතිඥවරුන්ටත් අලුත්කඩේට එන්න එපා කියයි නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ , උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 15 October 2020
නව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ ඇත. 15 October 2020
පොඩි ලැසීව සී.අයි.ඩීයට දෙන්න අවසර දැනට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංකද සිල්වා හෙවත් ‘පොඩි ලැසි’ නමැති සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දින 90ක් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශණය කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. 15 October 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුඛ ආවරණ නැතිව සිටි 50 ක් අත්අඩංගුවට සෞඛ්‍ය ආරක්ෂිතව නිසියාකාර මුඛ ආවරණ පැළඳීමකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටි සහ සේවය කරමින් සිටි 50 දෙනෙකුට වැඩි පිරිසක් අද (15) අත්අඩංගුවට ගත බව පොලිසිය කියයි. 15 October 2020
රැස්වීම පැවැත්වෙද්දීම ලග්ගල ප්‍රා.සභා ගොඩනැඟිල්ලේ සීලිම බිම මාතලේ - ලග්ගල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම පැවැත්වු අද (15) පෙරවරුවේ සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩාවැටුණු බව සභාපති බුද්ධික සේනාරත්න මහතා පවසයි. 15 October 2020
නීතිපතිගේ තීන්දුවෙන් පොලිසියට පාඩමක් පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කර ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 15 October 2020
මහ පාරේ රේස් පැද්ද යතුරු පැදිකරුවෝ පොලිස් ජීප්රියේම හැප්පෙති තරගයට ධාවනය යෙදුණු යතුරුපැදි දෙකක් පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ දී පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ ජීප් රථයේ ගැටීමෙන් ස්ථානාධිපතිවරයා හා යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර පොලිසිය කියයි. 15 October 2020
අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ්ගෙන් පෙත්සමක් නීතිපතිවරයා උපදෙස් මත තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (15) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 15 October 2020
ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කරයි කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 14 October 2020
උසස් පෙළින් පසු පෞද්ගලික බස් රථ හිමියෝ වර්ජනයකට සැරෙසෙති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 14 October 2020
කොරෝනා නිසා ළමුන් බඩගින්නේ මියයාවි කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසරේදී තවත් ළමුන් 10,000ක් පමණ මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ට්‍රෙඩොස් අද්නාම් ග්රෙබෙයිසිස් පවසයි. 14 October 2020
කොරෝනා ආසාදිත තවත් 113 ක් හඳුනාගනී මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවක පිරිසෙන් කොරෝනා අසාදිත තවත් 113 දෙනකු අද ( 14) හඳුනාගෙන තිබේ. 14 October 2020
බදියුදීන්ගේ විදෙස් ගමන් තහනම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(14) නියෝග කළේය. 14 October 2020
ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම කෝටි තුනකින් පහතට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි තුනකින් පමණ පහත වැටී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ.එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය. 14 October 2020
වැලිකන්ද රෝහල පිටස්තරයන්ගෙන් පිරීයයි පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද (14) දිනය වන විට 121 ක් බව සෞඛ්‍ය අංශ කියයි. 14 October 2020
කටුනායකට ඇඳිරි නීතිය කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට(15) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධයන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 October 2020
මිනුවන්ගොඩින් මළගෙදරට ආ නිසා බලන්ගොඩත් 15 ක් නිරෝධායනයට බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට සහභාගී වු පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිත බවට තහවුරු විම නිසා එම ප්‍රාදේශයේ නිවාස 5 ක පදිංචිකරුවන් 15 දෙදෙනෙකු අද (14) පස්වරුවේදි ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. 14 October 2020
රිෂාඩ් සැඟවෙයි - ආරක්ෂක නිලධාරියා අසුවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිටින ස්ථානයක් සොයාගත නොහැකි වූ බැවින් ඔහුගේ ආරක්ෂක නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාඩ් බදුර්දීන් මහතාට සැඟවී යාමට ආධාර උපකාර කිරීම හේතුවෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 14 October 2020
බදියුදීන් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව කිසිදු නියෝගයක් කර නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුව කිසිදු නියෝගයක් කර නැතැයි ද ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයකු මෙම පරීක්ෂණවලට අතපෙවීම් කරන්නේ නැතැයි ද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (14) පැවැසීය. 14 October 2020
බීට්ටු වන නිලධාරියා අල්ලස් ගද්දී අල්ලයි තිරප්පනේ බීට්ටු වන නිලධාරියා රුපියල් 35,000 ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද (14) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 14 October 2020
දිවුලපිටිය පොකුරට තවත් 17 ක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් අද (14) දිනයේ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී තිබේ. 14 October 2020
නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 118ක් හෙට සිට වැඩ අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් කෙරෙන සෞඛ්‍ය කටයුතු සඳහා අද(14) සිට සේවයෙහි අනියුක්ත කරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි. 14 October 2020
නෙරපීමට එරෙහිව සෞම්‍ය - පේෂල අධිකරණයට යති කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය ධූරයෙන් සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධූරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රවීන නළු හා එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන සෞම්‍ය ලියනගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 14 October 2020
ජර්මනියෙන් ආ 101 ක් නිරෝධායනය වී ගෙදර යති වව්නියාව පෙරියකාඩු යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 101 දෙනෙකු අද (14) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගනු ලැබීය. 14 October 2020
ගම්පහට ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉල්ලයි ගම්පහ දිස්ත්‍රික්කයේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහාය සඳහා පුහුණුව ලබන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 50 දෙනෙකු කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්. ගුණතිලක මහතා පවසයි. 14 October 2020
නීති එන තෙක් නොසිට වගකීම්-යුතුකම් ඉටුකරමු නිරෝධායන නීති කඩ කරන පිරිස්වලට දැඩි දඬුවම් පැමිණවිය හැකි වන පරිදි නව නීතිරීති ඇතුළත් ගැසට් පත්‍රයක් අද හෙටම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැතිනිය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඒ අනුව රෝගය බලපවත්වන ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිශ්චය කරන බල ප්‍රදේශයක සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගැනීමට තිබූ අවහිර, බාධක ඉවත්වනු ඇත. 14 October 2020
කොරෝනා පළමු කතට කලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ 33 ක් කම්හලේ ඉඳලා බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පළමු කොරෝනා රෝගී කාන්තාව හමුවීමට පෙර කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ තිස්තුන්දෙනකු සිට ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙන බවත් මේ අනුව ආයතනයේ සේවකයන්ට රෝගය බෝවන්නට ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ දහය සහ විස්ස අතර කාලයේදී බවත් කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 14 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026