පාරිසරික යුක්ති කේන්ද්‍රයේ පෙත්සම මාර්තු 3 දා ගනී
මුතුරාජවෙළ වගුරු ආශ්රිත බිම් පෙදෙස් පිරවීම සඳහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම මාර්තු 3 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (12) නියම කළේය. වගුරු බිම ගොඩකිරීම වළක්වන්නයි මධ්‍යම පරිසර අධිකාරියට, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි එම පෙත්සමෙන්ඉල්ලා තිබිණ.