ආයතන 3 කදී අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල වෙළඳපොළ මිල ගණන්වලට වඩා අඩුවෙන්, සතොස, සමූපකාර හා කිව් ෂොප් හරහා ඉදිරි මාස තුනකදී ලබාදීමට රජය තීරණය කර තිබේ. 05 February 2021
පෙබරවාරි-සැප්තැම්බර්-ඔක්තෝබර් පොකිරිස්සන් අල්ලන්න අවසර නැහැ පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බීජ දමන අවධිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සඳහා බලපත්‍ර ලබානොදෙන බව ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටු රැස්විමේ දි තීරණය කෙරිණි. 05 February 2021
රවීට - අර්ජුන්ට අධිචෝදනා දී ඇප මත මුදාහරී රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට එල්ල වී තිබූ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා බාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. 05 February 2021
රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’යි අභියාචනාධිකරණය පාර්ලිමේන්තුවට කියයි රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය. 05 February 2021
මේ අන්ධකාරයෙන් ගොඩ එන්නේ කවදාද? රටේ පවතින වර්තමාන ආර්ථික සහ සමාජීය ගැටලු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ විවිධ අදහස් පළ කරති. වැඩ කරනවාට වඩා කතා කිරීමට දක්ෂ දේශපාලනඥයන්ගෙන් සපිරි රටක් වන ශ්‍රී ලංකාව ගැන විපක්ෂයේ පිරිස අසුබවාදී අදහස් පළ කරන අතර ආණ්ඩු පක්ෂ මැති ඇමැතින් දකින්නේම සුබවාදී පැත්ත පමණි. එය රටේ සාමාන්‍ය සම්ප්රදායයි. 05 February 2021
තලවකැලේ සියලු කඩ සාප්පු වසා දමයි වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩිකර ගැනීමේ අරමුණින් උඩරට වතුකරයේ ආරම්භකර ඇති විරෝධතාවයන්ට සහාය දැක්වීම සඳහා තලවකැලේ නගරයේ සියලුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබිණි. 05 February 2021
ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්වයෙන් මුදවයි කොවිඩ් -19 හේතුවෙන් හුදකලා කර තිබු ප්‍රදේශ කිහිපක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට සහ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කිරීමටත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. 05 February 2021
ඉන්දියාව අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියකුගේ ඩීඑන්ඒ ඉල්ලයි ඉන්දියාවේ මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මද්දුම ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා දැයි සත්‍ය වශයෙන්ම සනාථ කර ගැනීම සඳහා අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගෙන් ඩී එන් ඒ සාම්පලයක් එවන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකා අන්තර්ජාතික පොලීසියේ සහය ඉල්ලා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 05 February 2021
අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 706 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 04 February 2021
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු දිවියෙන් සමුගනී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද(04) අභාවප්‍රාප්ත විය. 04 February 2021
ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. 04 February 2021
‘ශ්‍රී ලංකාවේ ඒකපාර්ශවීය තීරණය සම්බන්ධයෙන් ජපානයත් කනස්සල්ලෙන්‘ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ‘‘ඒකපාර්ශවීය’’ තීරණයක් බවත් ඒ සම්බන්ධයෙන් ‘‘කනස්සල්ලට’’ පත්වන බවත් ජපානය ප්‍රකාශ කරයි. 04 February 2021
ඩී.එස් පිළිරුවට එජාප උපහාර කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට එක්සත් ජාතික පක්ෂ නායකයෝ අද(04) පෙරවරුවේ උපහාර දැක්වූහ. 04 February 2021
සැකකරුවෙකු වෙඩි වැදී රෝහල්ගත කරයි වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී රන්මාල කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අද (4) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් එම සැකකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 04 February 2021
මහජන උපයෝගීතා කොමිසමට පාර්ලිමේන්තු සභාවේ කැමැත්ත මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ බහුතර එකඟතාව පළ වී ඇත. 04 February 2021
පෙරැළුණු ගලට යට වී කුඩා දරුවෙක් මිය යයි හල්දුම්මුල්ල හරංකහව දී විශාල ගලක් පෙරැළී ඊට යට වී සිව් හැවිරිදි දරුවෙකු අද(04) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 04 February 2021
සිරගතව සිටි 146 දෙනකුට නිදහස් දා නිදහස විවිධ වැරදි සම්බන්ධයෙන් දිවයිනේ විවිධ බන්ධනාගාර යන්හි සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් 146 දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 04 February 2021
ශ්‍රී පාලි මණ්ඩපයට නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය චිත්රාගාරයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ඉදිකළ නවීන ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය විවෘත කිරීම හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ දී සිදු කෙරිණි. 04 February 2021
අතුරුදන් වූවන්ගේ ඥාතීහු කළු ඇඳුමින් සැරසී වීදි බසිති උතුරේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් සමරණ 73 වන නිදහස් දිනය දෙමළ ජනයාගේ ‘කළු දිනය ‘බව පවසමින්, ජාතික නිදහස් දිනයට හා සැමරුමට විරෝධය දක්වමින් වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු අද(04) විරෝධතාවක නිරතවූහ. 04 February 2021
ආණ්ඩුව මානව හිමිකම් වාර්තාව විසිකරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතැයි කියමින් ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (03) පැවැසීය. 04 February 2021
නිදහස් දා කථානායකගේ පණිවිඩය වර්තමාන ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ වුවද ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් එක්සත්ව, එක්සිතින් ඉසුරුමත් සහ සෞභාග්‍යවත් හෙට දිනකට පියනැගීමේ තිර අදිටනින් මෙරට 73වන ජාතික නිදහස් දින සැමරුම් දිනය අභිමානයෙන් සැමරීම වෙනුවෙන් පෙළ ගැසෙන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජාතික නිදහස්දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 04 February 2021
නිදහස් දිනයේ අදිටන ජාති-ආගම් බේද නැති රටක් ජාතික නිදහස් දිනය අදය. ඕනෑම රටකට, ජාතියකට නිදහස තරම් ඔදවත් තෙදවත් අභිමානවත් ශ්‍රේෂ්ඨ දිනයක් තවත් තිබිය නොහැක. වසර හාර පන්සියයකට ආසන්න කාලයක් පරාධීනත්වයේ යදමින් වෙළා වහල් භාවයේ ගිල්වා තිබූ රටක ජනතාවකට නිදහසේ අසිරි සිරිය අන් කවර රටක ජනතාවකටත් වඩා හොඳින් දැනේ. ඒ වූ අසිරිමත් නිදහසේ නාමයෙන් මුළු මහත් ජාතියම ඒකාත්මක වන මේ මොහොතේ අපමණ දේශානුරාගයෙන් පණ පෙවුණු හදවතින් ලංකාදීපය ද ඒ මහා ජන ප්‍රවාහය සමග අත්වැල් බැඳ ගනී. 04 February 2021
යාල රක්ෂිතයේ ගංජා හේන් 5 ක් වටලා තිදෙනකු අත්අඩංගුවට යාල රක්ෂිත වනයේ ගෝනගංආර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගංජා හේන් 5 ක් වටලා රුපියල් කෝටි 5 ක් පමණ වටිනා ගංජා ගස් ලක්ෂ එකහමාරකට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 February 2021
‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා‘ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 04 February 2021
ගාලුරෝහලට ඇතුළත් කරද්දී මිය ගිය රෝගියාටත් කොරෝනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කරනවිට මියගොස් සිටි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල වරාය පොලීසිය පවසයි. 04 February 2021
අපරාධ කර රටින් පලා ගිය 129 කට රතු නිවේදන විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 04 February 2021
ජාතික නිදහස් දින සැමරුම ඇරඹෙයි ජාතික නිදහස් දින සැමරුම අද(04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ කෙරිණි.මෙය 73 වන ජාතික නිදහස් දින උළෙලයි. 04 February 2021
ගම අමතක කළ නායකයන්ට වන්නියලැත්තන්ගෙන් ටොක්කක් “කොරෝනා සම්බන්ධයෙන් වැඩියෙන්ම කථා කලේ කොළඹ ගැන. ඒත් තව සති දෙක තුනක් යනකොට කොළඹට වඩා වැඩි විනාශයක් සිද්ධවෙයි මේ ගම්බිම්වල. එහෙත් කොරෝනා සීඝ්රයෙන් පැතිරිලා. මේ වනතුරු රට කරවන නායකයන්වත්, ආරක්ෂක අංශ නිලධාරින්වත්, වෛද්යවරුවත් මේ ප්‍රදේශ ගැන කිසි තීරණයක් අරගෙන නෑ. මේ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ පැවසීය. 04 February 2021
විනෝද චාරිකාවක් ගිය බලපිටියේ 16 කට කොරෝනා විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛදය නිලධාරී කාර්යාලය පවසයි. 03 February 2021
තවත් කොරෝනා මරණ 4 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (03) තහවුරු කළේය. 03 February 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026