කොවිඩ් මැද ලංකාව බලන්න විදෙස් සංචාරකයන් 15,000 ඇවිත් කොවිඩ් වසංගත තත්ත්වය පැවතියද විදේශීය සංචාරකයන් පහළොස් දහස් දෙසිය අනූ හතර දෙනකු මේ වසරේ මේ දක්වා කාලයේදී මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 16 June 2021
ගෑස් මිල අඩු කරන ක්‍රමයක් ගැන සොයන්නැයි සමාගම්වලට උපදෙස් ගැස් මිල වැඩි කරනු වෙනුවට ගෑස් මිල පහත හෙළීම සදහා ගත හැකි වෙනත් ක්‍රියා මාර්ග පිළිබඳව සොයා බලන ලෙස ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳ කරුණ සළකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව ෂෙල් හා ලිට්රෝ ගෑස් සමාගම්වලට අද උපදෙස් දුන්නේය. 16 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නැවේ මෙරට නියෝජිත අර්ජුන හෙට්ටිආරච්චිට ඇප මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ’’ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිරී ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. 16 June 2021
සැපයුම්කරුවන් භාණ්ඩ මිල ඉහළ දමයි ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් සැපයුම්කරුවන් ඇතැම් භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය. 16 June 2021
සහල් මිල ඉහළට සියලුම සහල් වර්ගවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 16 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නැවේ මෙරට නියෝජිත අර්ජුන හෙට්ටිආරච්චි අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ’’ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 16 June 2021
‘‘ශ්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්න‘‘ ශ්වසන අපහසුතා තිබෙන හෝ කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් හෝ ඉතා ඉක්මනින් රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය. 16 June 2021
ගම්මන්පිලට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක් කොවිඩ් වසංගතය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කර ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. 16 June 2021
චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලී මානව හිමිකම් කොමිසමට යති නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වුණැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම සම්බන්ධයෙන්, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සම නිරූපිකා පියුමි හංසමාලී ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය. 16 June 2021
ඔන්ලයින් හරහා මැත්පැන් ගන්න අනුමැතිය අන්තර් ජාලය ඔස්සේ මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 16 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවේ දේශීය නියෝජිතයා සී.අයි.ඩීයට එයි මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී. කොන්සෝටියම් ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය. 16 June 2021
නැවෙන් කාන්දුවන තෙල් එකතු කරන්න පේරාදෙණිය සරසවියෙන් නව නිර්මාණයක් ‘පර්ල් එක්ස්ප්‍රස්‘ නෞකාවෙන් කාන්දුවී මුහුදු ජලයට එකතු වන තෙල් සියල්ල එකතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මහචාර්යවරුන් තිදෙනකු උපරණයක් නිර්මාණයක් කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා පවසයි. 16 June 2021
ආනයනික භාණ්ඩ මිල ඉහළ යන ලකුණු ඉන්ධන මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියලුම ආනයනික භාණ්ඩ මිල වැඩි වන්නේ යැයි සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි. 16 June 2021
රනිල්ගේ නම මැතිවරණ කොමිසමට එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට මැතිවරණ කොමිසමට අද (16) දැනුම් දුන් බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 16 June 2021
ශානි අබේසේකර ඇප මත මුදාහරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය. 16 June 2021
රටට ඇත්තටම අගුළු දමලාද? මේ දිනවල ක්‍රියාත්මක වන්නේ රට අගුළු දැමීමක්ද නැද්ද කියන එක ගැන සැකයක් පවතින්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය . 16 June 2021
කසිප්පුයි බැටරි ඇසිඩුයි මාරු වි ගරාජ් බාස් මරුට ලොරි රථයක බැටිරිය අක්‍රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකු අත් වැරදිමකින් බැටරි ඇසිඩි පෙවිම මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 June 2021
‘‘අත්‍යවශ්‍ය ආහාර සැපයිමේ බලපත්‍රවල වලංගු කාලය 21න් අවසන්‘‘ සංචරණ සීමා සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා ලබා දී තිබූ බලපත්‍ර ලබන 21 දිනෙන් අවසන් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 16 June 2021
සංචරණ නීති අස්සේ තහනම් දැල් භාවිතය ඉහළ යයි පවතින සංචරණ සීමා අස්සේ,කල්පිටිය කළපුවේ කූඩු දැල් නම් තහනම් දැල් භාවිතය ඉහළ ගොස් ඇතැයි ද මේ නිසා කළපු මත්ස්‍ය සංහාරයක් සිදු වන බව කල්පිටියේ කළපු ධීවර ප්‍රජාව චෝදනා කර සිටිති. 16 June 2021
බද්දේගම ළමා නිවාසයක 15කට කොරෝනා බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් 12 කට හා සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 16 June 2021
‘‘ඉන්ධන මිල වැඩි කිරීම නිසා අසරණ වු ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න‘‘ ඉන්ධන මිල ඉහළ දැමීම නිසා අසරණ වී සිටින ජනතාවගේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ක්ෂණික මූල්‍ය සහන පැකේජයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 16 June 2021
පළාත් රැසකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2021
සංචරණ සීමාවෙන් රටට රුපියල් කෝටි 45,000 අහිමි කරයි මාසයක කාලයක් සංචාරණ සීමා ක්‍රියාත්මකවීමෙන් රටට සිදු වන මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හතළිස් පන් දහස ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. . 15 June 2021
සජබ ප්‍රා.මන්ත්‍රීවරියගේ සැමියා සුවිසල් නිවෙසේ කසිප්පු පෙරද්දී මාට්ටු මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 15 June 2021
ගිනිගත් නැවේ කපිතාන්, වරාය සමග කළ සංවාදවල වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා රේඩියෝ සංවාද සිදු කළ බව කියන කොළඹ වරාය සතු රේඩියෝ දත්ත සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 15 June 2021
අම්බලන්ගොඩ ධීවරයෝ පන්දම් දල්වා විරෝධය පාති ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පා අද (15 ) රාත්‍රියේ අම්බලන්ගොඩ ධීවරයෝ පන්දම් දල්වා අම්බලන්ගොඩ ධීවර වරාය තුළදී විරෝධතාවක නිරතවූහ. 15 June 2021
කොරෝනා අසාදිත වූ තවත් 432 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 432 දෙනකු අද (15) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 15 June 2021
ඊයේ දිනයේ කොරෝනා මරණ තවත් 55ක් කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. 15 June 2021
කොවිෂීල්ඩ් ගත් අයට ෆයිසර් ? කොරෝනා මර්දනය කිරීම සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 15 June 2021
‘වහාම ඉන්ධන මිල පහළ දැමිය යුතුයි‘‘ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා හෝ වහාම ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද(15) පැවසීය. 15 June 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026