(අංජුල මහික වීරරත්න)
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා අසරණ වී සිටින ජනතාවගේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ක්ෂණික මූල්‍ය සහන පැකේජයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ගෝලීය ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් රජය ඩොලර් බිලියන 1.3 ක් ඉතිරි කර ගත් බව කී විජයවර්ධන මහතා රජය එහි වාසිය ජනතාවට ලබාදී නැති බව ද කීය.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවෙි වසංගත සමයේදී ඉන්ධන මිල ඉහළ නංවා රජය මහජනතාවට සළකා ඇති ආකාරය ශෝචනීය බවයි. එක්සත් ජාතික පක්ෂ රජය ගෝලීය මිල ගණන් මත පදනම්ව පෙට්‍රල් මිල නියාමනය කළ හැකි ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙන දුන්නා.කෙසේවෙතත් පසුගිය වසරේ ගෝලීය ඉන්ධන මිල වාර්තාගත මට්ටමකට පහත වැටුණා.මෙම රජය ඉන්ධන මිල සූත්‍රය ඉවත් කර ඇති හෙයින් මෙම අඩු වීම පිළිබිඹු වන පරිදි දේශීය පෙට්‍රල් මිල ගණන් අඩු වුනේ නැහැ යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉන්දන මිල වැඩි කිරීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවද?
අනේ බෑණෝ... මාමාගෙන් අර මහබැංකුවෙන් විදපුවාගෙන් වත් කීයක් හරි ඉල්ලලා දෙන්න බැරිද?
විකාර පැකේජ් නෙවෙයි ඉන්ධන මිල අඩු කරනන කියනන
නින්දෙන් ඇහැරුණේ දැන්ද
ඉන්ධන මිල ඉහළ යාම පරිප්පු හුණ්ඩුවටයි, සැමන් ටින් එකටයි යට නොකරන්න. මිනිස්සු වගේ පාරට බැහැලා වගකිව යුත්තන් සමග කතා කරලා ප්‍රශ්නය විසඳාගන්න පුරුදු වෙන්න.