පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකය වසාදමයි පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පවතින ගැටළු රැසක් හේතුවෙන් එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඒකකය තාවකාලිකව වසා දැමු බව රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය ලසන්ත ලියනගේ මහතා පැවසිය. 12 May 2026
කොළඹ වරායේ සියයට 22ක මෙහෙයුම් වර්ධනයක් කොළඹ වරාය 2026 වසරේ පළමු මාස හතරේ බහාලුම් මෙහෙයුම් පරිමාවේ සියයට 22 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. 12 May 2026
වයිරස නැවේ ආසාදියෝ නෙදර්ලන්තයේ නිරෝධායනයට ‘හැන්ටා’ වයිරස ව්‍යාප්තියක් සිදුවුණු ‘එම්.එස්. හොන්ඩියුස්’ නමැති මගී නෞකාවේ සිටි සියලුම ආසාදිතයන් සංචාරක මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කැනේරි දූපත්වල සිට කුඩා ගුවන් යානා දෙකක් මගින් නෙදර්ලන්තයට රැගෙන ආ බව පැවැසෙයි. 12 May 2026
ධුරයෙන් ඉවත් වෙන්නැයි බ්‍රිතාන්‍ය අගමැතිට බලපෑම් ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්ට සිය කම්කරු පක්ෂය අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. 12 May 2026
තලපති විජේ හිටපු මහ ඇමැති හමුවෙයි තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් තලපති විජේ සහ ධුරයෙන් සමුගත් මහ ඇමැති මෙන්ම ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් අතරේ සුහද හමුවක් පැවැත්විණි. ස්ටාලින්ගෙන්, නව මහ ඇමැති විජේට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 12 May 2026
ඉරාන සටන් විරාමය හිටිහැටියේ අවසන් වෙන්න පුළුවන් - ට්‍රම්ප් ඇමෙරිකා ඉරාන සටන් විරාමය ‘දිවි සුරැකුම් යන්ත්‍රයකට’ සම්බන්ධ කර තිබෙනවා වැනි යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මේ බව පැවැසුවේ, එම සටන් විරාමය ඕනෑම මොහොතක දරුණු යුද්ධයක් දක්වා වෙනස් විය හැකි බව සිහිපත් කරමිණි. 12 May 2026
ප්‍රියංකරත් අල්ලස් කොමිසමට එයි හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද මීට ස්වල්ප වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය. 12 May 2026
මහින්ද අල්ලස් කොමිසමට එයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අල්ලස් කොමිසමට පැමිණියේය. 12 May 2026
දෙණියායේ වසා දැමූ පාසල් හෙට අරී දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් තුළ ළමුන් අතර සීග්‍රයෙන් පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ එම පාසල් හතර ලබන හෙට ( 13) සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා පවසයි. 12 May 2026
ගාල්ලේ වෙඩි තැබීමක්:අයෙක් මරුට ගාල්ල දංගෙදර ඩික්සන්හන්දිය ප්‍රදේශයේ දි අද (12) උදෑසන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි. 12 May 2026
තියුණු ආයුධයකින් කපා කොටා මරලා අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු ඊයේ (11) රාත්‍රි යේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර හිස කදෙන් වෙන්කර රැගෙන ගොස් මාමඩල හන්දියේ ඇති රත්නාවලී දේවියගේ පිළිරුව මත තබාගොස් ඇතැයි පොලිසිය පැවසීය . 12 May 2026
මහින්ද අද අල්ලස් කොමිසමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී ලබා දුන්නේ යැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරුන් අද (12) දින අල්ලස් කොමිසමට කැඳවා ඇත. 12 May 2026
පේරාදෙණි සරසවියේ ලිංගික හිංසන වළකන්න පියවර පේරාදෙණි විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට ලිංගික හිංසනයන් කිරීම වැළැක්වීමට අවශ්‍ය උපදේශ මාලාවන් බලාත්මක කිරීමට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පේරාදෙණි විශ්වවිද්‍යාලය තුළ සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසද නියම කළේය. 11 May 2026
බිලිඳු මරණයට හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධයක් නෑ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්රියාමාර්ගව කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. 11 May 2026
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රන් ඝාතනයේ පැදිකරු අත්අඩංගුවට දකුණේ ක්‍රියාත්මක පාතාලය මර්දනය කිරීමට විශාල සේවයක් ඉටුකළ පොලිස් පරීක්ෂක දැඩිමුණ බාලේන්ද්‍රන් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පැදවූ පැදිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම විමර්ශන කොට්ඨාශය පවසයි. 11 May 2026
දිළිඳු බව නැති කරන වැඩසටහනේ ප්‍රගතිය ජනපතිට “ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25000ක ප්‍රතිපාදන වලින් මේ වන විටත් රුපියල් මිලියන 23000 ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ. 11 May 2026
මහින්දට හංගන්න දෙයක් නෑ: කියන ඕන තැනකට එනවා යුද්ධය අවසන්කර රට සංවර්ධනය කිරීමට ලොකු කාර්යභාරයක් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම ගැන පුරවැසියන් හැටියට ලැජ්ජාවක් සහ කණගාටුවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 11 May 2026
කොටපොළ වයිරසය අපිරිසිදු ජලයෙන් කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරක වයිරස් උණ රෝගය පැතිර යාමට හේතුව වයිරසය ජල මූලාශ්‍රවලට එක් වීමෙන් ජලය අපිරිසිදු වීමෙන් හෝ ආහාර වලින් බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමසිංහ මහතා පැවසීය. 11 May 2026
රාජ්‍ය වෙසක් උත්සවය මැයි 27 ඇරැඹේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි 27 ආරම්භ වන බව “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැති සාකච්ඡාවකදී තීරණය කෙරිණි. 11 May 2026
නාගානන්දත් කන්ටේනර් කමිටුවට කැඳවයි රේගුවෙන් බහාලුම් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සමාජ ක්‍රියාකාරික නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය. 11 May 2026
යූරියා බෙදීම පෞද්ගලික ආයතනවලටත් පෞද්ගලික ආයතන වලටත් යූරියා බෙදා හැරීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය. 11 May 2026
අමරකීර්ති නඩුවේ චූදිතයකු බන්ධනාගාර වහළෙන් වැටී මරුට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මරණ දඩුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු ගොඩනැගිල්ලකින් අද (11) පස්වරුවේ ඇඳවැටී මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ඒ. සී. ගජනායක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 11 May 2026
ජල බිල ගැන තීරණය ජුනි 30 ජල බිල ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. 11 May 2026
කපිලගේ මරණයට අල්ලස් කොමිසම වග කිවයුතුයි ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක අධ්යක්ෂ කපිල චන්ද්‍රසේන මහතා සිය දිව් හානි කර ගැනීමට අල්ලස් කොමිසම වගකිවයුතු යැයි හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. 11 May 2026
ප්‍රා.ලේකම් කොට්ඨාශ අටකට නාය රතු එළි! අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. 11 May 2026
පකිස්ථාන මහ කොමසාරිස් ක්‍රීඩා ඇමති හමු වෙයි ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය නයියර් නසීර් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද(11) පැවැත්විණි. 11 May 2026
බණ්ඩාරවෙළත් ජලයෙන් යටවේ බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමග බණ්ඩාරවෙල නගරයේ ධර්මවිජය මාවත අද (11) පස්වරුවේ ජලයෙන් යටවී ගියේය. 11 May 2026
සැප්තැම්බර් දක්වා විදුලි බිලේ වෙනසක් නෑ මෙම වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් නැවත විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීම් නොකරන බව බලශක්ති සහ වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (11) පැවසීය. 11 May 2026
නැගෙනහිර පර්යන්ථය පෞද්ගලීකරණය කරන්නේ නෑ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ථය පෞද්ගලීකරණය කරන්නේ යැයි විවිධ පාර්ශව අදහස් දැක්වුවද එම පර්යන්ථය පෞද්ගලීකරණ කිරීම සම්බන්ධයෙන් කෙසේවත් කටයුතු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් රජය, වරාය අමාත්‍යංශය හෝ වරාය අධිකාරිය තුළ සාකච්ඡා වී නොමැති බවත් වරයා හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (11) පැවසීය. 11 May 2026
මුහුදු කකුළුවන්ට ඇමරිකා යන්න වරම් මෙරට මුහුදු කකුළුවන් (Blue Swimming Crab) ඇමරිකා වෙළෙඳ පොළට අපනයනය කිරීම සඳහා පැවති බාධා ඉවත් වී ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි. 11 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026