
(ප්රසාද් රුක්මල්)
බණ්ඩාරවෙල ප්රදේශයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමග බණ්ඩාරවෙල නගරයේ ධර්මවිජය මාවත අද (11) පස්වරුවේ ජලයෙන් යටවී ගියේය.
වර්ෂාවත් සමග කානු පද්ධති බෝක්කු අවහිර වීමෙන් විශාල ජලපහරක් නගරයේ ධර්මවිජය මාවතට ගලාවිත් මෙසේ යටවිය.
ධර්මවිජය මාවතේ තිබු රථවාහන මෙන්ම වෙළදසල් ද ජලයෙන් යටවී ගිය අතර නගරයේ ව්යාපාරික ප්රජාව මෙන්ම පාසල් සිසුන්ද ජනතාව ද මේ නිසාවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd