(යොහාන් භාසුර)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ථය පෞද්ගලීකරණය කරන්නේ යැයි විවිධ පාර්ශව අදහස් දැක්වුවද එම පර්යන්ථය පෞද්ගලීකරණ කිරීම සම්බන්ධයෙන් කෙසේවත් කටයුතු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් රජය, වරාය අමාත්‍යංශය හෝ වරාය අධිකාරිය තුළ සාකච්ඡා වී නොමැති බවත් වරයා හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (11) පැවසීය.  

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී බලශක්ති, වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ථය පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන්නේ යැයි වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා  සුගියදා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසීමේදී වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා එසේ සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්ථය සම්බන්ධයෙන් කවුරු මොන අදහස පළ කළ ද එවැනි පෞද්ගලීකරණ වැඩපිළිවෙලක් නැතැයි වරාය අධිකාරියේ සභාපතිතුමා පැහැදිළිව ප්‍රකාශ කර තිබූ බව ද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ය පුද්ගලීකරණය කිරීමට රජය හැටියට කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති අතර ඒ සඳහා විවිධ ආයෝජන යෝජනා එන බවත් රජයක් හැටියට ආයෝජකයන්ට යෝජනා ගේනන් එපා යැයි ප්‍රකාශ නොකරන බවත් එම යෝජනා පිළිබඳව ආයෝජකයන් සමඟ සාකච්ඡා කරන බවත් ඔහු කීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ථය ආයෝජකයකුට පිරිනැමීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගතහොත් මහජනතාව සහ වරායේ සේවකයන් සමඟ සාකච්චා කර ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා එසේ වුවහොත් රජයට, වරායට සහ ජනතාවට වඩාත් වාසිදායක ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාත්මක කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.