
(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික ආයතන වලටත් යූරියා බෙදා හැරීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය.
ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් පමණක් යූරියා බෙදා හැරීමට රජය මීට පෙර තීරණය කර තිබූ බව කී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා එම පෞද්ගලික පොහොර වෙළෙඳ සැල් වල යුරියා නොමැති වීමෙන් යුරියා හිඟයක් ඇතැයි මතයක් ජනතාව අතර ඇති වූ බව සඳහන් කළේය.
මේ සතිය ඇතුළත අදාල ගැටළුව විසදෙනු ඇතැයි ඔහු කීය.
රජය තවදුරටත් යූරියා පොහොර මිටිය 10200ක මුදලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් වී ගොවීන්ට ලබා දෙන බව කී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා යල කන්නයට පොහොර ඇති වෙන්න තිබෙන අතර මහ කන්නයටත් පොහොර ගෙන්වීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන බව පැවැසීය.
මේ වන විට රටේ යුරියා පොහොර ප්‍රමාණවත් තරමින් පවතින බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා කීය.
පසට කාබනික පොහොර යොදමින් රසායනික පොහොර යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය බවත් පසේ තත්ත්වය දියුණු කිරීමට කාබනික පොහොර වලට විශේෂ හැකියාවක් තිබෙන බවත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
රසායනික පොහොර වලින් වැඩිම ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇත්තේ පසේ කාබනික පොහොර නිසි සංයුතියක් තිබුනොත් පමණක් බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd