ශෂී වීරවංශට එරෙහි නඩුවකට දින දෙයි ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයෙකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 25 දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා අද (11) දින නියම කළේය. 11 May 2026
’’එන්න කියන ඕන වෙලාවක අපි එනවා’’ ’’එන්න කියන ඕන වෙලාවක අපි එනවා’’ යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 11 May 2026
දොළොස් දාහකට අක්ෂි කුණිත බද්ධ කරයි ගෙවුනු වසර 15 දී අක්ෂි බැංකුවට පරිත්‍යාග ලෙස ලැබුණු අක්ෂි කුණිත 17,000 කට අධික ප්‍රමාණයෙන් 12,000 ක් රෝගීන් සඳහා බද්ධ කර ඇතැයි ජාතික අක්ෂි බැංකුව පවසයි. 11 May 2026
මැණික් ගගේ ජල මට්ටම ඉහළට වෙහෙරගල වන් දොරටුව විවෘත කිරිම මත කතරගම මැණික් ගගේ ජලය ඉහළ ගොස් ඇතැයි වාර්මාර්ග කාර්යාලය කියයි. 11 May 2026
ආසියා මාධ්‍ය සමුළුවට නලින්ද මාලදිවයිනට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා හෙට(12) මාලදිවයින බලා පිටත්ව යයි. 11 May 2026
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට නව සභාපතිවරයෙක් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපති ලෙස ජුලියන් නිශාන් නානායක්කාර මහතා පත්කර තිබේ. 11 May 2026
හැකරුන් 55ක් දොඩන්දූවෙන් අල්ලයි අන්තර්ජාලය ඔස්සේ නිති විරෝධි ලෙස මුදල් ඉපයිමේ ජාවාරමක යෙදි සිටි විදේශිකයින් 55දෙනෙකු දොඩන්දුව ප්‍රදේශයේ ලැගුම් හලක රැඳි සිටියදි අද අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියේජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 11 May 2026
පහලට ධනය ගලා ගෙන එන පාර හදනවා මහජන ආණ්ඩුවක් ලෙස පහළට ධනය ගලාගෙන එන පියවර දිගටම ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 11 May 2026
විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට? විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට නුදුරේම සම්බන්ධ කරගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 11 May 2026
පොරවකින් කොටා අයෙක් මරලා මහනුවර කිවුල්ලිද ප්‍රදේශයේදී වයස අවුරුදු විසි තුනක පුද්ගලයකු පොරවකින් කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 11 May 2026
මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පිඩාවට දින කිහිපයක සිට ඇද හැලෙමින් තිබූ වැසි තව දුරටත් වැඩිවීමෙන් ඇළ දොළො වැව් පිටාර ගලා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දාහතරක පවුල් රැසක් ජලයෙන් යට වී උන් හිටි තැන් අහිමි වී අවතැන් බවට පත් වී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති. 11 May 2026
සිරදඩුවම අවසන්: තක්ෂින් ෂිනවාත්රා නිදහස් තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවත්‍රා මාස අටක සිරදඬුවමකින් පසු නිදහස ලැබීය. තායිලන්ත දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රබල චරිතයක් ලෙස ෂිනවාත්රා සැලකෙයි. 11 May 2026
එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් විලි ගමගේගෙන් ප්‍රකාශයක් එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතාගෙන් අල්ලස් කොමිසම අද පැය හතරක පමණ ප්‍රකාශයක් ගෙන ඇත. 11 May 2026
විජේගෙන් නොමිලේ විදුලිය තමිල්නාඩුව දේශපාලනය උඩුයටිකුරු කරමින් නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් ‘තමිලග වෙට්ට්‍රි කළගම්’ පක්ෂයේ නායක විජේ, සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200 ක් නොමිලේ ලබා දීමට තීරණය කළේය. ඊට අදාළ නියෝගයට විජේ අස්සන් කළේ දිවුරුම් දුන් සැණින් වීම ද විශේෂත්වයකි. 11 May 2026
කත්මණ්ඩු ආ තුර්කි ගුවන් යානය ගිනි ගනී නේපාලයේ කත්මණ්ඩු අගනුවර ට්‍රිබුවාන් ගුවන්තොටුපොළ බලා ආ තුර්කි මගී යානයක ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ යානයේ පිටුපස රෝද පද්ධතියේය. 11 May 2026
චීන සංචාරයට ට්‍රම්ප් සූදානම් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවට සියල්ල සූදානම් බව ධවල මන්දිරය පවසයි. 11 May 2026
සෙලෙන්ස්කී හමුවන්න සූදානම් - පුටින් පුටින් මේ බව පැවැසුවේ යුද්ධය අවසන් කිරීමට තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට කැමති බව පවසමිණි. 11 May 2026
කූඩුවේ සිටි සැකකරුවන්ට පැන යන්න ඉඩ සැලසූ කොස්තාපල් අල්ලයි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් බලෙන් ලබාගෙන කොස්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට පලායාමට ඉඩ සැලසූ බව කියන එම පොලිසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්ය අංශය පවසයි. 11 May 2026
කිරිඳිඔය- මැණික් ගඟ දෙපස අයට අනතුරු ඇඟවීමක් කිරිඳි ඔයේ තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහා ගංවතුර තත්ත්වයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 11 May 2026
වායුරයිෆලයෙන් වෙඩි වැදුණ තිදරු මව රෝහලට අරාවත්ත ඔරුබැදිවැව ප්‍රදේශයේ නිවසකදී සැමියකු සිය බිරිද ට වායුරයිපලයකින් වෙඩිතැබ්මෙන් තුවාල ලැබූ බිරිද ඊයේ(10) රාත්‍රි මහියංගන රෝහලට ඇතුලත් කල බව මහියංගන පොලිසිය පවසයි . 11 May 2026
බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර , අසර්බයිජානයේ දී අත් අඩංගුවට ගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර ඔස්සේ දිවයිනට රැගෙන ආ බව පොලිසිය තහවුරු කරයි. 11 May 2026
පළාත් කිපයකට මිලි මීටර් 100තද වැස්සක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36යේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 11 May 2026
මොඩියුලය යට කුමන්ත්‍රණයක් නෑ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක් ඇතුළත් කිරීමේ සිද්ධියේදී කිසියම් කුමන්ත්‍රණයක් හෝ අපරාධමය වරදක් සිදුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරදී ඇති අවසන් වාර්තාවේ සඳහන් වේ. 10 May 2026
‘‘කපිලගේ මරණය එයාර් බස් විමර්ශනයට බාධාවක් නෑ‘‘ ශ්‍රී ලංකන් එයාර් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හදිසියේ මරණයට පත්වුවද එයාර් බස් ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට ඉන් බාධාවක් මතු නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය. 10 May 2026
යාල් දේවි යළි ගමන් අරඹයි කොළඹ කොටුව සිට යාපනය,කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල් දේවී දුම්රිය හෙට සිට නැවත ගමන් අරඹන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය කියයි. 10 May 2026
තලපති විජේට සජිත්ගෙනුත් සුබ පැතුම් තමිල්නාඩුවේ නව මහ ඇමති ධුරයට පත්වූ තලපති විජේට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පතා තිබේ. 10 May 2026
මුදල් කමිටුව ව්‍යවස්ථාපිත වගකීම හෑල්ලු කරලා භාණ්ඩාගාර කොල්ලය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මගින්‘ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත’ වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිතරව ඇතැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 May 2026
අල්ලස් කොමිසමට අනිද්දා යනවා අල්ලස් කොමිසමට අනිද්දා (12) තමා යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 10 May 2026
සෞඛ්‍ය සම්බන්ධීකරණයට හැම දිස්ත්‍රික්කයකින්ම මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයක් සඳහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර තිබේ. 10 May 2026
විදුලි බිල වැඩි කළාට සජිත් ආණ්ඩුවට දෙහි කපයි රජය විදුලි බිල නැවත වැඩිකර තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය 10 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026