
(රෝෂන් තුෂාර)
එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතාගෙන් අල්ලස් කොමිසම අද පැය හතරක පමණ ප්‍රකාශයක් ගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී ශ්‍රී එම සමාගමේ හිටපු විධායක නිලධාරී යුරෝපීය ගුවන් සමාගමකින් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 මැතිවරණ ව්‍යාපාරයටද යොමු කිරීම සම්බන්ධයෙන් විලී ගමගේ යන අයගෙන් ප්‍රශ්න කිරීම අල්ලස් කොමිසමේදී අද සිදු කෙරිණි.
අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණි විලී ගමගේ පැය හතරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැංගුණු වංචාවල එකතුව ඩොලර් බිලියන ගණනාවක් වෙයි. ලංකාවේ විදේශ ණය ඔක්කෝම ගෙවන්න තිබුණා....
මෙන්න හැංගිලා ඉන්න නියම හොරෙක්.. මේකාට අයිති සහ මේකාගේ සනහරේට අයිති දේපල සහ අනෙකුත් වත්කම් ගැන වෝහාරික පරීක්ෂණයක් කළ යුතුයි. මේ තක්කඩි හොරා මහා පරිමාණයෙන් වංචා කර අයෙකි. අල්ලනවා නම් නියම හොරෙක් මේ විලියා කියන්නේ...
නොම්මර එකේ හොරා.