නිදහස් සැමරුමට රථවාහන සැලැස්මක් 76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පුහුණුවීම් සදහා කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසිය. 29 January 2024
මරණයේදී ප්‍රීති වන දේශපාලන සංස්කෘතියක්? බුදුන්වහන්සේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා යනුවෙන් මිස අනුන්ගේ මරණයේදී ප්‍රීතිඝෝෂා නගන්නට දේශනා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (29) පැවසීය. 29 January 2024
මහින්දට - තිලංගට තනතුරින් යන්නැයි මෛත්‍රී කියයි මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 29 January 2024
විශ්ව බුද්ධි පෙර ඇප මත මුදා හරී රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ නමින් පැවිදිව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරී රොෂාන් රණසිංහට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරු පෙර ඇප මත මුදා හැරීමට අද (29) නියෝග කළේය. 29 January 2024
නවක වද සිද්ධියේ සිසුන්ට ඇප සබරගමු ව්ශ්ව විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් වු සිසුවියකට නවක වදය දිම සම්බන්ධව සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගනු ලැබූ සිසුන් හය දෙනකු සහ සිසුවියක රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්දිගෝ මහත්මිය නියෝග කළාය. 29 January 2024
ජගත් මනුවර්ණනට ජගත් සම්මානයක් 22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලාංකික චිත්‍රපටි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ සමත්විය. 29 January 2024
නිවාඩුවේ නිවාඩු නොගත් පාසලක් පාසල් නිවාඩු කාලයෙත් නිවාඩුවක් නොගෙන සිසු දරුවන්ට නොමිලේ අකුරු කරන පාසලක ගුරුභවතුන් පිරිසක් සම්බන්ධ තොරතුරු පදවියෙන් වාර්තාවේ. 29 January 2024
කොළඹ සරසවියෙන් වයසට යාම පමා කරන ස්වාභාවික ඖෂධයක් වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි. 29 January 2024
විදුලි සේවක මර්දනයට එරෙහිව වෘත්තිය සමිති එකතුවක් ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමට සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (29) ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීය. 29 January 2024
රුපියලට යළි වටිනාකමක් එයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312ක් සහ විකුණුම් මිල රුපියල් 322 ලෙස අද (29) දැක්වේ. 29 January 2024
දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. 29 January 2024
ලබන වසරේ සිට දේපලවලටත් බද්දක් නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 29 January 2024
පාසල් පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කරයි පාසල් දරුවන්ට රජය ප්රදානය කළ පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නි නිලධාරියෙක් පැවසීය. 29 January 2024
රාජ්‍ය අංශයේ විධායක නිලධාරීහු ලෙඩ වෙති රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත සිටීම නිසා බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධා ඇති වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 29 January 2024
ශිල්ප සභාවේ තඹ කිලෝ 2000ක් අතුරුදන් ජාතික ශිල්ප සභාව විවිධ නිර්මාණ සඳහා මිලදී ගෙන තිබූ තඹ කිලෝ 6820ක තොගයෙන් කිලෝ 2086 ක් අතුරුදන්ව ඇතැයි විමර්ශන වාර්තා අනුව නිරීක්ෂණය වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 29 January 2024
රාජකාරියේ සිටියදී සහකාර ශාලාධිපති වරෙන්තුවකට අත්අඩංගුවට මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සහකාර ශාලාධිපතිවරයෙකු ලෙස රාජකාරී කටයුතු කල ගුරුවරයකු, මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාලව, විවෘත වරෙන්තු ලබා සිටියදී, අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 29 January 2024
වල්ඌරු මස් සමඟ අවන්හල් හිමිකරු මාට්ටු පුත්තලම සේතපොල ප්‍රදේශයෙ පවත්වාගෙන ගිය අවහන්හලක අධි ශීතකරණයක් තුළ සගවා තිබු වල් ඌරු මස් කිලෝ 20 ක ප්‍රමාණයක් සමග එම ස්ථානයෙ හිමිකරු අඩංගුවට ගැනිමට සමත්ව තිබේ. 29 January 2024
සරසවි ඇදුරෝ 514ක් කෝටි 132ක් පොලු තියලා අධ්‍යන කටයුතු සඳහා විදේශගත වූ විශ්ව විද්‍යාල විසි එකක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 514 දෙනකු බැඳුම්කර කඩකර රජයට රුපියල් කෝටි 132කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 29 January 2024
මුහුදට මීටර් 200ට වඩා උස තැන් 4500ක් සංවර්ධනයට සංවර්ධනය ගමට ගෙනයාමේ අරමුණින් රජය අරඹන ලද “කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම ඇරැඹූ බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 January 2024
කෙහෙළියගේ කැබිනට් ගොනුවල බාල බෙහෙත් ගනුදෙනු නෑ ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. 29 January 2024
තේ පෝර අඩුවට දෙන ගිවිසුමට අත්සන් කරයි තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා ත්‍රෛපාර්ශවික ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද අත්සන් තැබිණි. 29 January 2024
හැටේ කතට අතවර කළැයි රියදුරෙක් අත්අඩංගුවට හුදකලාව කල්ගත කළ හැට හැවිරිදි එක් දරු මවකට හදි කළ බව කියන හැටපස් හැවිරිදි රියදුරකු ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 29 January 2024
සෙබළාගේ සිරුර කඳවුරේ පොකුණක හොරණ දොඹඩොඩ යුදහමුදා කදවුරේ පොකුණක තිබී සෙබළෙකු ගේ මළසිරුරක් අද උදෑසන හමුවී ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි 29 January 2024
ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහයෙක් හමුවෙලා ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්රහලොවක් සොයාගෙන ඇත. 29 January 2024
ප්‍රංශ ජනපති චීනයේ ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස, නවදිල්ලියේ පැවැත්වුණු ජනවර දින සැමරුම් උළෙලට සහභාගී වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, චීන සංචාරයක් ආරම්භ කළේය. 29 January 2024
ජෝර්දානයේ ඇමෙරිකන් සෙබළුන්ට ඩ්‍රෝන ප්‍රහාරයක් ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 ක් යැයි ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 29 January 2024
රාජ්‍ය ඇමැතිවරයෙක් දිවුරුම් දෙයි වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 29 January 2024
නාන්න ගිහින් මුහුදේ අතුරුදන්වෙයි මුලතිව් මාතලන් මුහුදු සීමාවේ දිය නාමින් සිටි පිරිසකගෙන් තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි. 29 January 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 29 January 2024
සරසවි සිසුවියකට නවකවදය දුන් සිසුන් 6ක් අත්අඩංගුවට සරසවි සිසුවියකට නවක වදය දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සබඳතම විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි. 29 January 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026