අපස්මාරය දරුවාට ලේ දිය කරන බෙහෙත් දීලා
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් නිර්දේශ කළ බෙහෙත් එම රෝහලේ බෙහෙත් කවුළුවෙන් වැරදියට නිකුත් කිරීමෙන් පසුව පාවිච්චි කළ සිය 17 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා දැඩිව රෝගී වී රෝහල්ගත කර ඇති බව මාතර, රොටුඹ ප්රදේශයේ මව්පිය දෙපළක් කරාපිටිය රෝහලේ අධ්යක්ෂවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ.