අයිස් ෆැක්ට්‍රියේ කෝටි 250ක අමුද්‍රව්‍ය මිද්දෙණියෙන් ගොඩ ගනියි ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රැගෙන ආ බව කියන රුපියල් කෝටි 250 ක් පමණ වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වත්තක වළඳමා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 05 September 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද(05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 05 September 2025
බස් අනතුරින් මියගිය අය අතර තංගල්ල න.ස ලේකම් ඇතුලු සේවකයින් 12ක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්ය මංඩලයේ 12 දෙනකු සිටින බව ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
ඇල්ල අනතුරින් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළට වැල්ලවාය රාවණා ඇල්ලට නුදුරින් ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරින් 15 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 04 September 2025
මධ්‍යම අධිවේගීයේ අනතුරින් දෙන්නෙක් මරුට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී අද(03) අලුයම කිරි බවුසරයක් හා ලොරියක් එකට ගැටී සිදු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 03 September 2025
හීන දකින්න බැරි කිසිම කෙනෙකුට අලුත් ලෝකයක් දකින්න බෑ - කෝටිපති මැටි ව්‍යාපාරික අජිත් පෙරේරා 02 September 2025
හරක්කටාගේ නඩුවකට දින දෙයි මීතොටමුල්ලේ නිවසකට කඩා පැන රුපියල් 26,000 මුදලක් සහ ත්‍රීරෝද රථයක් හා කොල්ලකෑ බවට පාතාල අපරාධකරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහි වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 29 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (01) තීරණය කළාය. 01 September 2025
මම මහණ වෙන්නේ නෑ මම පරක්කුයි, වයසයි කියලා හිතලා ,ඔයාගේ හීන මරන්න එපා - ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා 01 September 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගෙන එයි ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පිරිස අද සවස දිවයිනට රැගෙන ආවේය. 30 August 2025
නිමල් ලංසා රිමාන්ඩ් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියකු මෙන්ම හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. 29 August 2025
රතනහිමි රිමාන්ඩ් 2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලපෑම් කොට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ලබන මස 12 වෙනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය. 29 August 2025
රාජිත ලබන 9 දක්වා රිමාන්ඩ් මාස දෙකකට අධික කාලයක් තිස්සේ අධිකරණය මගහැර සැඟව සිටියෙ යැයි වරෙන්තු ලද හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29)නියෝග කළේය . 29 August 2025
නිමල් ලංසා අල්ලයි හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 29 August 2025
ගලේවෙල ලොකු අනතුරක් ගලේවෙල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුවේ දී මාළු ලොරියක් වාහන තුනක ගැටී ටිපර් ථයක පිටුපස රෝග හතර ගලවාගෙන ගොස් මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇතැයි පොලිසිය කියයි. 27 August 2025
කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි රැකවල් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගැනෙන අද කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙන අයුරු දැක ගත හැකි විය. 26 August 2025
සජිත් සිව්වන දිනටත් රනිල් බලන්න යයි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බලන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදත් (26)ගියේය. 26 August 2025
බණඩාරගම වෙඩි තැබීමකින් අයෙක් මරුට බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් යමන් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි බණඩාරගම පොලිසිය කියයි. 21 August 2025
කාදිනල් -ජනපති හමුවක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් -කතෝලික රදගුරු සම්මේලනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 21 August 2025
පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමයට ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රම වේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026