(ටී.කේ.ජී.කපිල )
රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද(05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළෙද සැළක අලෙවි සේවකයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ පැකැට් 19 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම වැටලීම පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ රේගු පැමිණීමේ පර්යන්තයේ " හරිත මාවත '' තුළ ස්ථාපිත කළ පරිලෝකන යන්ත්‍රය ( Scan Machine ) උපයෝගී කර ගෙන රේගු නිලධාරීවරුන් විසින් සිදු කළ පළමු අත් අඩංගුවට ගැනීම වේ .
මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සහ මෙම ඉන්දීය ජාතිකයා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමට නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රව්‍ය වැරදි වලට ඉතා දැඩි දඬුවම් දියහැකි පරිදි නීති සංශෝධනය වහාම සිදුකළ යුතුය. පෙර පැවති රජයන්ට කොතෙක් කීවද ප්‍රතිචාර නැත. මාලිමා රජය එසේ නොවේ යයි සිතමු. වෙනත් බොහෝ රටවල පවතින දඬුවම් ක්‍රම සැලකිල්ලට ගන්න.
සිංගප්පූරුවෙනම් මරණ දඩුවම.