(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලපෑම් කොට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ලබන මස 12 වෙනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.
එම චෝදනාවට අධිකරණය මග කිරීම හේතුවෙන් පූජ්‍ය රතන හිමියන්ට අධිකරණය මගින් වරෙන්තු නියෝගද නිකුත්කෙරිණි. රිමාන්ඞ් භාරයට පත් රතන හිමියන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමග අධිකරණය වෙත පැමිණ සිටියහ.
අපේ ජන බල පක්‍ෂයේ මහ ලේකම් පූජ්‍යවේදිනිගම විමල තිස්ස හිමියන් කොළඹ අපරාධ කොට්ඨාස කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබිණි
එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනයද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාව බලාගත්තාටත් වඩා හොඳින්, මේ අති උතුම් චීවරධාර උන්නාන්සේව, රිමාන්ඩ් එකේ ඉන්න සහෝදරයෝ ටික බලාගන්න ඕනෑ.
සාදු.. සාදු..
පන්සලේ සිටම, දියවන්නාවට නොගොස් දේශපාලනය කරන්න ඉගෙනගන්න...
අතන මෙතැන කොතැන හිටියත් අන්තිමේට ඔතැන තමයි ඉන්න වෙන්නේ.
ආයෙත් මහණ වුණොත් හොඳ නැද්ද?
ආයෙත් මහණ වෙන්න? මේ වගේ අය අඳන කඩයකටවත් සුදුසු නැහැ...