
(වයි.ඵ්.ඵස් වීරවංශ)
මිරිදිය සහ කරදිය මත්ස්‍යයින්ගේ සම හා අනෙකුත් දුවිය යොදා ගෙන විවිධ නිශ්පාදනය රැසක් නිශ්පාදනය කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයේ සහ රුහුණු සිසුන් පිරිසක් සමත් වී තිබේ.
රුහුණු විශ්ව විද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යාව තාක්ෂණ පීඨයේ ජලජීවි වගාව අධ්‍යන අංශයේ අවසාන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර හා තාක්ෂණ අධ්‍යන අංශයට පැමිණ මෙම නිශ්පාදන එළිදැක්වීමට කටයුතු කර ඇත.
ඒ අනුව රුහුණු විශ්ව විද්‍යාලයේ හංසලා චතුරාංගි සිසුවිය විසින් තිලාපියා මත්ස්‍යාගේ මස් උපයෝගී කරගෙන රසවත් බිස්කට් එකක් නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේ.
තිලාපියා මත්ස්‍යා වැඩි වශයෙන් සිටින්නේ වැවි සහ කලපු ආශිතවය.
ඊට අමතරව රුහුණු විශ්ව විද්‍යාලයේ ලක්ශිනි රෝෂිකා සිසුවිය විසින් ටැංකි සුද්දා නැමැති මාලුවාගේ මස් උපයෝගී කරගෙන ඉතා රසවත් පැස්ටා එකක් නිෂ්පාදනය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි... හැබැයි මේ අයව වාණිජ නිෂ්පාදන තලයට දෙන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ...
ටැංකි සුද්දා කියන මාළුවා මම හිතන්නේ ලංකාවේ සමහර වැව්වල අනෙක් මාළුවන්ටත් තර්ජනයක්... හොඳ නිෂ්පාදනයක්... සාර්ථක වේවා...!