පාකිස්ථානයට අයත් කාෂ්මීර ප්‍රදේශයේ ඇති වූ හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් 67දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

අධික වැසි සහ කායයෑම් හේතුවෙන් නීලම් නිම්නයේ බොහෝ පිරිසක් අතරමං වී සිටිති.

බටහිර බලුකිස්ථානයේ අධික හිම පතනය හේතුවෙන් 17දෙනකු මියගොස් ඇත. කඳුකර නිවාස බොහොමයක් ද විනාශ වී ඇත.

වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් මුදවාගැනීමේ කටයුතු වලට බාධා සිදුවී අතැයි සඳහන් වේ.

කාෂ්මීරයේ ඉන්දියානු පාලිත කොටසේ ද ඇතිවූ හිම කුණාටු හේතුවෙන් අවම වශයෙන් 10 දෙනෙකුවත් මියගොස් ඇතැයි බලධාරීහු පවසති. මියගිය අය අතර සොල්දාදුවන් පස්දෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)