හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට් නගරයේ ගංගාවක බෝට්ටුවක් ගිලීයෑම හේතුවෙන් පුද්ගලයන් 7දෙනෙකු  මියගොස් ඇත.
 
ඩනුබ් ගංගාවේ සිදු වූ මෙම අනතුරින් අතුරුදන් වූ 19දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි බලධාරීහු පවසති.
 
දකුණු කොරියාවේ සිට පැමිණි සංචාරකයින් 33දෙනෙකු මෙම බෝට්ටුවේ ගමන් කර ඇති අතර මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම බෝට්ටුව තවත් බෝට්ටුක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවෙන් පසු ඩනුබ් ගංඟාව පිරී තිබුණු බවත් එවිට ප්‍රබල දියවැල් ඇතිවන බවත් සඳහන් වේ.

අනතුරට ලක්වූ බෝට්ටුව මගීන් 45දෙනෙකුට ගමන් කළ හැකි තට්ටු දෙකකින් සමන්විත එකකි.

 
(බීබීසී ඇසුරිණි - 085)