සංහාරයකට සහ යුද අපරාධවලට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කර සිටින බලයෙන් ඉවත් කරන ලද සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් කිසිදු රටකට බාර නොදෙන බව එරට නව හමුදා පාලකයෝ අද (12) ප්‍රකාශ කළහ.
“ජනාධිපතිවරයා මේ වනවිට රැඳවුම්භාරයේ පසුවෙනවා” යැයි සුඩානයේ නව මිලිටරි කවුන්සිලයේ දේශපාලන කමිටුවේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඕමාර් සැනින් අල් අබ්දීන් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
“අපි හමුදා කවුන්සිලයක් විදියට, අපේ පාලනය යටතේ ජනාධිපතිවරයා කිසිදු රටකට බාර දෙන්නේ නැහැ” යැයි අබ්දීන් පැවැසීය.
බලයෙන් පහ කළ සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුව සම්බන්ධයෙන් විමසූ විට අබ්දීන් එම කරුණු සඳහන් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
අපේ රටටත් මෙන්න මේ වගේ හමුදා පාලනයක් ආවොත් මිස වෙන ගොඩ දාගන්න කිසිම ක්‍රමයක් නැති බව දැන් ඔප්පුවෙලා තියෙන්නේ.
අන්න ඒකට අපේ රටේ අය වලිකන්නේ මුළු හමුදාවම පාවලා දෙන්න
මොන පාලනය ආවත් කමක් නැහැ. ජනතාවට අත තියන්න තහනම්, ජනතාව නැත්නම් පාලනයක් අවශ්‍ය නැහැනේ, ජනතාවගේ කොන්ද කෙලින් තියන් වැඩ කිරීමේ අයිතිය තියෙන්න ඕන, පාලකයන්ට ඒවා නතර කරන්න තහනම්, අපේ මිනිසුන්ගේ එකමුතුකම 0. ඒකයි පාලකයින් ජනතාවට වද දෙන්නේ, මොන වැරදි වැඩේ කෙරුවත් පාලකයින්ව ඔලුව උඩ තියන් ඉන්නේ මේ කට්ටියට වැටුප් ගෙවන්නේ ජනතාව බව ජනතාව දැනගන්න ඕන, අතින් සල්ලි දීලා හිරිහැර ගන්නේ මොන මෝඩයද.