IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලිබියා සාම සමුළුව බර්ලින් නුවරදී

ලිබියා සාම සමුළුවබර්ලින් නුවරදී පැවැත්වීමට ජර්මානු රජය තීරණය කර ඇතැයි එරට රජයේ ප්‍රකාශකයෙක් අද (13) පැවැසීය.

“සමුළුවට සූදානම් වීම සඳහා කටයුතු දැන් සිදුවෙනවා. ඒක මේ මාසයේ දී බර්ලින් නුවරදී පැවැත්වේවි” යැයි ස්ටෙෆන් සයිබාට් පැවැසීය.

සමුළුව සම්බන්ධයෙන් ස්ථීර දිනයක් තවම ප්‍රකාශ කළ නොහැකි බවත් බොහෝ දුරට ජනවාරි 19 වැනිදා සමුළුව පැවැත්වෙනු ඇති බවත් හෙතෙම කීය.  

ලිබියානු අර්බුදයට මැදිහත් වී සිටින ප්‍රධාන පාර්ශවවල නායකයන් අද (13) රුසියාවේ මොස්කව් අගනුවරදී මුණගැසී සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිතය. මාස නවයක් මුළුල්ලේ පැවැති දරුණු ගැටුම් අවසන් කිරීම එහි අරමුණ වී තිබේ.

සටන් විරාම ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශව දෙක අද ගිවිසුමකට එළැඹීමට නියමිත අතර එය මේ සති අන්තයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

දීර්ඝකාලයක් බලයේ රැඳී සිටි ඒකාධිපති නායකයකු ලෙස සැලකෙන මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු 2011 වසරේ සිට ලිබියාවේ ගැටුම් පවතී. නේටෝ සංවිධානයේ සහාය ඇති වූ කැරැල්ලක ප්‍රතිඵලයක් ලෙස ගඩාෆී ඝාතනයට ලක්විය.
උතුරු අප්‍රිකාවේ පිහිටි ලිබියාව තෙල් සම්පතින් පොහොසත් රටකි.

ඒ.එෆ්.පී.  

055

 

 



අදහස් (0)

ලිබියා සාම සමුළුව බර්ලින් නුවරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site